අපගේ මුණුපුුරු මිණිපිරියන් අධික ප්‍රීතියට පත් වූයේ රාජාලියෙකුට සමීපවී නැරඹීමට ඔවුන්ට හැකිවීම නිසාය. ඔවුන්ට ඌ අතගෑමටද හැකියාව ලැබුණි. සත්ව උද්‍යාන සේවිකාව ඇයගේ අතෙහි වසා සිටි විශාල පක්‍ෂියා ගැන විස්තර කරන විට මා පුදුම වූයෙමි. උගේ තටු දෙක දිග හැරිය විට අඩි හයහාමාරක් පමණ දිග වුවද උගේ කුහර සහිත කටු නිසා බර රාත්තල් අටක් පමණය.

මට එය මතක් කළේ වැවක් ඉහළින් පියාසර කරනවා මා දුටු තේජවත් රාජාලියාය. ඌ පහත්වී ගොදුර ඩැහැ ගැනීමට සුදානම්ව සිටියේය. තවත් පක්‍ෂියෙකුද මාගේ මනසට ආවේය. ඒ සිහින් දිග පාද තිබූ නීල වර්ණ කොකෙකි. පොකුණ අද්දර නිශ්චලව ඌ සිටගෙන සිටියේය. ඒ තම දිගු හොටින් මත්ස්‍යයෙකු අල්ලා ගැනීමටය. උන් අපගේ සිතුවිලි දෙවියන්වහන්සේ වෙත එසවිය හැකි කුරුළු වර්ග 10,000 ක් අතර කිහිප දෙනෙකු පමණි.

යෝබ් පොතෙහි යෝබ්ගේ මිතුරෝ ඔහුගේ දුක් විඳීමට හේතු සොයති. “දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැන ගැනීමට නුඹට පුළුවන්ද?” (යෝබ් 11:5-9) යෝබ්ගේ මිතුරෝ අසති. එයට ප්‍රතිචාර දක්වමින් යෝබ් කියන්නේ  “මෘගයන්ගෙන් අසාපන්න. උන් නුඹට උගන්වනවා ඇත. අහසේ පක්‍ෂීන්ගෙන් අසාපන්න. උන්ද නුඹට දන්වනවා ඇත” (යෝබ් 12:7) කියාය. සතුන් අපට සාක්‍ෂි දරණ සත්‍යය නම් දෙවියන්වහන්සේ තම මැවීම සැළසුම් කර රැකවරණය දී සියල්ල පාලනය කරන බවයි. “ජීවත්වන සියලු සත්ත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය” (10 පදය).

දෙවියන්වහන්සේ පක්‍ෂීන්ට සළකන බැවින් (මතවේ 6:26; 10:9) අපට අපගේ අවස්ථාවන් නොතේරෙන විට පවා ඔබටද මටද උන්වහන්සේ ප්‍රේම කරන බව අපට ස්ථිර කර ගත හැකිය. අවට බලා උන්වහන්සේ ගැන ඉගෙන ගන්න.