“අත හරින්න එපා තාත්තේ”
“මම අතහරින්නේ නැහැ. මම ඔබව අල්ලා ගත්තා. මම පොරොන්දු වෙනවා”.

මම එවිට කුඩාය. ජලයට භියය. නමුත් මාගේ තාත්තා මට පිහිනන්ට උගන්වන්ට ආශා කළේය. ඔහු ඕනෑකමින් මාව තටාකයේ ගැඹුරු පැත්තට ගෙන යයි. එහි ගැඹුර මාගේ හිසටත් ඉහළය. මාගේ එකම උපකාරය ඔහු විය. ඉන්පසු ඔහු මට නිශ්චලව පාවීමට උගන්වන්නේය.

එය පිහිනීමේ පාඩමක් පමණක් නොවේ. එය විශ්වාසය තැබීමේ පාඩමකි. මාගේ පියා මට ප්‍රේම කරන බවත් උවමනාවෙන් මට වරදක් නොකරන බවත් මම දනිමි. නමුත් මට බියක් තිබුණි. මම ඔහුගේ බෙල්ල බදා ගෙන සිටියේ සියල්ල යහපත් වන බව ඔහු මට ස්ථිර කරන තුරුය. කෙමෙන් කෙමෙන් ඔහුගේ ඉවසීම සහ ප්‍රේමය ජය ගත්තේය. මම පිහිනීම ආරම්භ කළෙමි. එසේ වූවත් පළමුවෙන් මම විශ්වස කළ යුතු විය.

අසීරුතාවයක් මාගේ හිසටත් උඩින් යන විට මම ඒ මොහොතවල් කල්පනා කරන්නෙමි. ඒවා මට උදව් කළේ දෙවියන්වහන්සේ නැවත නැවත තම සෙනගට දෙන ස්ථිර කිරීමය. “හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි” (යෙසායා 46:4).

සෑම විටම ස්වාමින්වහන්සේගේ දෑත් අපව අල්ලා ගෙන ඉන්නවා අපට නොදැනේ. නමුත් දෙවියන්වහන්සේ පොරොන්දුවී ඇත්තේ අප අත් නෑරීමටය (හෙබ්‍රෙව් 13:5). අප උන්වහන්සේගේ රැකවරණයේ සහ පොරොන්දු මත නිවාඩු ගන්නා විට උන්වහන්සේගේ විශ්වාසවන්තකම මත රැඳෙන්න උන්වහන්සේ අපට උපකාර කරන සේක. උන්වහන්සේ අපගේ කණස්සල්ල ඔසවන සේක. උන්වහන්සේ තුළ අලුත් අනුග්‍රහයක් සොයා ගැනීමට උපකාර වන සේක.