බිය නිසා අපි ගල් ගැසෙමු. බියවීමට සියලු හේතු අපි දනිමු. අතීතයේ අපට තුවාල කළ සියලු දේ, නැවත අපට එසේ කිරීමට හැකි දේවල්! සමහර විට අපි සිරවී සිටිමු. පසුපසට යා නොහැක. ඉදිරියට යාමට බිය වැඩිය. “මට ඒක කරන්න බැහැ. මම දක්‍ෂ නැහැ. ශක්තියක් නැහැ. නැවත ඒ විදිහට තුවාල මට දරා ගන්න බැහැ”.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මෘදු හඬකින් ගත්කතු ෆ්‍රෙඩ්රික් බුක්නර් කරන විස්තරයට මම ආකර්ශණය වෙමි. “මෙන්න ලෝකය. භයංකාර දේවල්ද අලංකාර දේවල්ද සිදුවේ. බිය නොවන්න. මම නුඹ සමග සිටින්නෙමි”.

භයංකාර දේවල් අපගේ ලෝකයේ සිදුවේ. තුවාල වී සිටින අය අන් අයව අධික ලෙස තුවාල කරනු ඇත. ගීතිකාකරු වන දාවිත් කියන ලෙස නපුර අප වටකර ගත් මොහොතවල් ගැන අපගේම කථා අප දරාගෙන යන්නෙමු. “කෲර සත්ත්වයන්” මෙන් අන් අය අපව තුවාල කළෝය (ගීතාවලිය 57:4). ඒහෙයින් අපි දුක් වෙමු. අපි හඬන්නෙමු (1-2 පද).

නමුත් දෙවියන්වහන්සේ අප සමග නිසා “අලංකාර දේවල්” සිදුවිය හැකිය. අපි අපගේ බිය සහ තුවාල සමග උන්වහන්සේ වෙත දිව යන විට තුවාල කිරීමට යමෙකු තුළ තිබෙන බලයට වඩා වැඩි ප්‍රේමයකින් අපව ඔසවා ගෙන යන බව අපට දැනෙන්නේය (1-3 පද). ඒ අහස වැසීමට තරම් ගැඹුරු ප්‍රේමයකින්ය (10 පදය). ඛේදවාචක අප අවට සැරිසරන විට උන්වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත්වලට සුවය ගෙන එන දැඩි රැකවරණයකි (1, 7 පද). එක් දිනකදී නැවුම් දිරියකට අපි අවදිවනු ඇත. ඒ දිනය උන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ගීතයකින් පිළිගැනීමට අපි සුදානම්ව සිටිනු ඇත.