මාගේ නැන්දණිය වන ග්ලැඩිස් තුළ ඇති අවදානමට බිය නැති කමට මම ගෞරව කරමි. සමහර විට ඒ ගුණාංගය ගැන මට බියක්ද දැනේ. මාගේ බියට හේතුව ඇය බෙදාගත් විද්‍යුත් පණිවුඩයක් නිසාය. “මම ඊයේ දූරියන් ගසක් කපා දැම්මා”.

මැෂිමෙන් ගස් කපන මාගේ නැන්දණියට වයස 76 ක් බව ඔබ දැන ගත යුතුවේ. ඇයගේ ගරාජය පසුපස ගහ විශාල වී ඇත. කොන්ක්‍රීටය පසාරු කර ගෙන මුල් ඇදීමට පටන් ගත් විට එය ඉවත් විය යුතු බව ඇය දැන ගත්තාය. නමුත් සැමවිට ඇය කියන්නේ “ඒ වගේ වැඩකට ඉස්සෙල්ලා මම යාච්ඤා කරනවා” කියාය.

විප්‍රවාස කාලයේදී පාත්‍රධාරියෙකු ලෙස පර්සියාවේ රජුට මෙහෙකරන කාලයේ යෙරුසලටම ගිය අය ගැන ප්‍රවෘත්තිය නෙහෙමියාට අසන්නට ලැබුණි. යම් වැඩ කොටසක් කිරීමට තිබුණි. “යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේ” (නෙහෙමියා 1:3). කැඩී බිඳී ගිය පවුරු ඔවුන්ව සතුරු ප්‍රහාරයන්ට විවෘත කළෝය. නෙහෙමියාට තම සෙනග ගැන සානුකම්පාව දැණුනි. එහි යාමට ඔහුට අවශ්‍ය විය. නමුත් පළමුවෙන් යාච්ඤාව පැමිණියේය. විශේෂ හේතුව වුයේ යෙරුසලමේ ගොඩනැගිලි ව්‍යාපෘති නවත්වන්න යයි අලුත් රජෙකු ලිපියක් එවා තිබීමය (එස්රා 4 බලන්න). නෙහෙමියා තම සෙනග ගැන යාච්ඤා කළේය (නෙහෙමියා 1:5-10). එසේම රජුගෙන් නිවාඩු ඉල්ලීමට පෙර දෙවියන්වහවන්සේගෙන් උදව් ඉල්ලීය (11 පදය).

ඔබගේ ප‍්‍රතිචාරය යාච්ඤාවද? ජීවිතයට එන ඕනෑම කාර්යයකට හෝ සෝදිසියකට මුහුණ දීමේ හොඳම ක්‍රමය එයවේ.