කටුවක් මාගේ දබරැඟිල්ල හිල් කර ගෙන ගියේය. ලේ විදින්න පටන් ගත්තේය. මම මිමිණිමි. ඉන්පසු කෙඳිරිමි. මම වහාම ඇඟිල්ල ඉවතට ගත්තෙමි. නමුත් මා විශ්මයට පත් විය නොයුතුව තිබුණි. මන්ද කටු පඳුරක් අත් වස්නා නැතිව කප්පාදු කිරීමට තැත් කිරීම එවැනි අනතුරුවලට අත වනන හෙයිනි. වේදනාව සහ ලේ ගලා යෑම නිසා ඊට සැළකිල්ල අනිවාර්යය විය. මම වෙළුම් පටියක් සෙවීමි. මා නොදැනුවත්වම මාගේ ගැළවුම්කරුවාණන් ගැන සිතීමට පටන් ගතිමි. සොල්දාදුවෝ යේසුස්වහන්සේට කටු ඔටුන්නක්ම දැමීමට බල කළෝය (යොහන් 19:1-3). එක කටුවක් මෙතරම් වේදනා දෙන්නේ නම් කටු ඔටුුන්නක් කෙතරම් වේදනා දෙන්න ඇද්ද? කියා මම සිතුවෙමි. නමුත් ඒ උන්වහන්සේ වින්ද භෞතික වේදනාවෙන් කොටසක් පමණි. කසයක් උන්වහන්සේගේ පිට පහරවලට ලක් කළේය. ඇණ උන්වහන්සේගේ වළලුකර හා මැනික් කටු පසා කර ගෙන ගියෝය. හෙල්ලයකින් ඇළය සිදුරු කෙරුණි.

යේසුස්වහන්සේ ආත්මික වේදනාවද වින්ද සේක. යෙසායා 53:5 පදය අපට පවසන්නේ “නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. ” යනුවෙනි. මෙහි “සමාදානය” යනු අපට ලැබෙන සමාවට තව වචනයකි. තමාව හෙල්ලයකින්ද කටු ඔටුන්නකින් සහ ඇණවලින්ද හිල් කරුනු ලැබීමට උන්වහන්සේ ඉඩ දුන් සේක. ඒ අපට දෙවියන්වහන්සේ සමග ආත්මික සමාදානය ගෙන දීමටය. උන්වහන්සේගේ පූජාව හා අප වෙනුවෙන් මිය යාමට කැමැත්ත, පියාණන් සමග සම්බන්ධතාවයකට අපට මග එළිපෙහෙළි කළේය. උන්වහන්සේ එය අප, මා සහ ඔබ වෙනුවෙන් කළ සේක.