2017 හාවී සුළි කුණාටුව නැගෙනහිර ටෙක්සාස් ප‍්‍රදේශයට විශාල විනාශයක් ගෙන ආවේය. අධික වර්ෂාව විශාල සෙනගක් ඔවුන්ගේ නිවෙස් වලට සීමා කළේය. ඔව්හු ජලගැල්ම මග හැරීමට නොහැකිව සිටියෝය.  කුමක් සිදුවීදයත් “ටෙක්සාස් නාවික හමුදාවක්” ලෙසින් බොහෝ පුරවැසියෝ ප්‍රාන්තයේ වෙනත් පැතිවල සිට ඔවුන්ගේ බෝට්ටු ගෙන ආවෝය. සිරවී සිටි සෙනග ගළවා ගැනීමට උපකාර කළෝය.

මේ නිර්භීත ත්‍යාගශීලි සෙනගගේ ක්‍රියාවෙන් අපට මතක් කරන්නේ හිතෝපදේශ 3:27 හි ඇති දිරිදීමය. හැකි සෑම විටම අන් අයට උපකාර කරන්න යයි එය කියා සිටින්නේය. අන් අයට උපකාර කිරීමට ඔවුන්ගේ බෝට්ටු ගෙන ඒමේ බලය ඔවුන්ට තිබුණි. ඔව්හු එය කළෝය. අන් අයගේ ප්‍රයෝජනය සඳහා තමන් සතු මූලාශ්‍ර භාවිතා කිරීමට ඔවුන්ගේ කැමැත්ත ක්‍රියාත්මක වුනි.

කරන්නට තිබෙන කාර්යය කිරීමට හැකියාව නැතැයි අපට සිතිය හැකිය. අවශ්‍ය නිපුණත්වය, අත්දැකීම, මූලාශ්‍ර හෝ අන් අයට උපකාර කිරීමට කාලය නැතැයි සිතමින් අපි බොහෝ විට අකර්මන්‍ය වන්නෙමු. එවැනි අවස්ථාවලදී අප ඒවා මග හැරීමට උත්සාහ දරමු. අන් අයට උපකාර කිරීමට ඇති අප සතු දේවල් නොසළකා හරිමු. ජල ගැල්ම ඇතිවීම වැළැක්වීමට “ටෙක්සාස් නාවික හමුදාවට” නොහැකි විය. රජයේ ආධාර බලෙන් ඉල්ලා ගැනීමටද නොහැකි විය. නමුත් ඔවුන්ගේ බෝට්ටුවල තිබු බලය ඔවුහු භාවිතා කළෝය. තම හවුල් පුරවැසියන්ගේ ගැඹුරු අවශ්‍යතාවයට අත දීමට ඔවුන්ට හැකි විය. සෙනග ඉහළ තලයකට ගෙන යාමට සෑම විටම අවශ්‍ය
“බෝට්ටු” අපි ගෙන එමු.