වසර ගණනාවක් මා සුදුසු මදි යයි යන අදහස සහ ප්‍රමිතියෙන් තොර මාගේ අතීතය ගැන තිබු ලැජ්ජාව මාගේ ජීවිතයේ සෑම අංශයකටම බලපෑවේය. මාගේ කැළැල් වූ කීර්ති නාමය අන් අය දැනගත හොත් කුමක් වේද? දිවා ආහාරයට දේව සේවකයෙකුට ඇරයුම් කිරීමට දෙවියන්වහන්සේ මට ධෛර්යය දුන් නමුත් මම පරිපූර්ණ වීමට උත්සාහ කළෙමි. මම මාගේ නිවසේ පොළොව කැළැලක් නැතිව පවිත්‍ර කළෙමි. හොඳ ආහාර වේලක් පිළියෙල කළෙමි. හොඳම ඇඳුම පැළඳ ගත්තෙමි.

ඉදිරිපස වත්තේ තිබු ජල කරාම වැසීමට මම දිව ගියෙමි. කාන්දුවන පයිප්පය අලුත් වැඩියා කිරීමට උත්සාහ කළ විට එය කැඩී ජලයෙන් මම නැහැවුනෙමි. මට කෑ ගැසුණි. මගේ කොණ්ඩය තෙත්විය. මුහුණේ සායම් බොඳ විය. මම වියළි කලිසමක් සහ ටී ෂර්ටයක් පැළඳ ගතිමි. එවිටම දොරේ සීනුව නාද විය. අසහනයට පත්වී මම මාගේ උදෑසන උත්සාහයන් සහ අරමුණු ඇයට කීවෙමි. ඇයද ඇයගේ අතීත පරාජයන් නිසා ඇතිවී තිබෙන බිය සහ අනාරක්‍ෂිතභාවය ගැන මට විවෘතව කථා කළාය. යාච්ඤාවෙන් පසු ඇය අසම්පූර්ණ සේවකයන්ගේ කණ්ඩායමට මා ඇතුලත් කර ගත්තාය.

අපෝස්තලු පාවුල් ක්‍රිස්තුස්වහන්සේ තුළ තමාගේ අලුත් ජීවිතය පිළිගත්තේය. නමුත් තම අතීතය සැඟවීමට ගියේ නැත. එසේම ස්වාමින්වහන්සේට සේවය කිරීමට එය බාධාවක් කර ගත්තේද නැත (1 තිමෝති 1:12-14). යේසුස්වහන්සේ කුරුසියේ කළ කාර්යය භයංකාර පව්කරුවන තමාව ගලවා වෙනස් කළ බව පාවුල් දැන සිටි නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කර උන්වහන්සේට ගෞරව කර කීකරු වීමට අන් අය උනන්දු කළේය (15-17 පද).

අපි දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සහ සමාව පිළිගන්නා විට අපි අතීතයෙන් නිදහස් වෙමු. කැළැල් ඇත. නමුත් දැඩි ප්‍රේමයට අපි ලක්වන්නෙමු. දෙවියන්වහන්සේ දුන් දීමනා සමග අප අන් අයට සේවය කරන විට අපගේ සැබෑ මුහුණ ගැන ලැජ්ජා වීමට අපට හේතුවක් නැත.