තරුණ මවක් ලෙස මාගේ දියණියගේ පළමු වසරේ විස්තර සටහන් කිරීමට මම අධිෂ්ඨාන කර ගතිමි. සෑම මාසයකම ඇය වෙනස් වී වර්ධනය වන ආකාරය පෙන්වීමට ඡායාරූප ගතිමි. මා ඉතා ආශා කරන එක් ඡායාරූපයක ඇය වට්ටක්කා ගෙඩියක් තුළ සිනහවී ගෙන සිටින්නීය. මම එම වට්ටක්කා ගෙඩිය ගමේ ගොවියෙකුගෙන් මිළයට ගත් එකක් විය. ඇය එය තුළ වාඩිවී සිටියාය. මගේ සිතෙහි ආශාව විශාල වට්ක්කා ගෙඩිය තුළ ඇත. සති කිහිපයකින් වට්ටක්කා ගෙඩිය වියළී ගියේය. නමුත් මාගේ දියණිය වර්ධනය වී සඵල වන්නීය.

යේසුස්වහන්සේ නැමැති සත්‍යය දැන ගැනීම ගැන පාවුල් කියන දෙය මට එම ඡායාරූපය මතක් කරයි. ඔහු අපගේ සිතෙහි ඇති යේසුස්වහන්සේ පිළිබඳ දැන ගැනීම මැටි භාජනයක ඇති වස්තුවකට සමාන කරයි. “සෑම අතින්ම මඩිනු ලැබුවද” (2 කොරින්ති 4:8) යේසුස්වහන්සේ අප වෙනුවෙන් කළ දෙය මතකයට එන විට දෛනික අරගල තුළින් යාමට අපට ධෛර්යය සහ ශක්තිය ලැබෙන්නේය. අපගේ ජීවිතයෙහි දෙවියන්වහන්සේගේ බලය නිසා අපට “පහර ලැබුණද විනාශ නොවී සිටිමු”. අපි යේසුස්වහන්සේගේ ජීවිතය එළිදරව් කරමු (9 පදය).

වියළී ගිය වට්ටක්කාව මෙන් සෝදිසි වල බලපෑම් අපට දැනිය හැකිය. නමුත් එම අභියෝග මධ්‍යයෙහි යේසුස්වහ්න්සේගේ ප්‍රීතිය අප තුළ වර්ධනය වීම ඉදිරියට යයි. අපගේ ජීවිතයෙහි ක්‍රියාත්මක වන උන්වහන්සේගේ බලය බිඳෙන සුළු අපගේ මැටි ශරීරවල ඇති වස්තුව වේ. අප තුළ ක්‍රියාත්මක වන උන්වහන්සේගේ බලය නිසා අසීරුතා තුළ අපට දියුණු විය හැකිය.