1984 දී “සමාදානය ගැන ඔබ තවමත් බලාපොරොත්තු වෙනවාද?” කියා පත්‍ර වාර්තාකරුවෙකු බොබ් ඩයිලන්ගෙන් ඇසීය.

“මොන සමාදානයක්වත් ඇති වෙන්නේ නැහැ” කියා ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ ප්‍රතිචාරයට විවේචන ගලා ආවේය. නමුත් සමාදානය සැමදා මග හැරෙන බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය.

ක්‍රිස්තුස්වහන්සේට වසර 600 කට පෙර බොහෝ අනාගතවක්තෘවරු සමාදානය ගැන අනාවැකි කීවෝය. නමුත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ එසේ කීවේ නැත. යෙරෙමියා සෙනගට මතක් කළේ දෙවියන්වහන්සේ කී දෙයයි. “මගේ හඬට කීකරු වෙන්න. එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි” (යෙරෙමියා 7:23) කියාය. ඔවුන් නැවත නැවත ස්වාමින්වහන්සේවද උන්වහන්සේගේ ආඥාද නොසළකා හැරියෝය. ඔවුන්ගේ ව්‍යාජ අනාගතවක්තෘවරු “සමාදානයය, සමාදානයය” යයි කීවෝය (8:11). නමුත් යෙරෙමියා විනාශය ප්‍රකාශ කළේය. යෙරුසලම ක‍්‍රි.පූ. 586 දී වැටුණි.

සමාදානය දුබලය. නමුත් විනාශයේ අනාවැකි පිරි යෙරෙමියාගේ පොත මධ්‍යයෙහි අපට හමුවන්නේ නොනවත්වා ප්‍රේම කරන දෙවියන්වහන්සේය. “සදාකාල ප්‍රේමයකින් මම නුඹට ප්‍රේම කළෙමි” ස්වාමින්වහන්සේ කැරළිකාර සෙනගට කී සේක. “නැවත නුඹ ගොඩ නගන්නෙමි” (31:3-4).

දෙවියන්වහන්සේ ප්‍රේමයේ සහ සාමයේ දෙවි කෙනෙකි. ඝට්ටන පැමිණෙන්නේ අප උන්වහන්සේට එරෙහිව කැරළි ගසන හෙයිනි. පාපය ලෝක සාමය විනාශකරයි. යේසුස්වහන්සේ පෘථිවියට පැමිණියේ අපව දෙවියන්වහන්සේ සමග සමගි කර එම අභ්‍යන්තර සමාදානය දීමටය. “එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.” යයි (රෝම 5:1) අපෝස්තලු පාවුල් ලීවේය. ඔහුගේ වචන ලියවිලි අතර අපට වඩාත්ම බලාපොරොත්තු දෙන ඒවාය.

අප ජීවත්වන්නේ දබරකාරී පරිසරයක හෝ ප්‍රේමය ගැන වචනයක්වත් නෑසෙන පරිසරයක වුවද ක්‍රිස්තුස්වහන්සේ අපට උන්වහන්සේගේ ප්‍රේමයට ඇරයුම් කරන සේක.