අසහනය සහ විශාල වේදනාව නිසා ඇතිවුණ, ඇවිදීමේ සීමාව අවසානයේ මට දරා ගැනීමට නොහැකි විය. මාගේ අසහනය නිසා මම කෘතඥ නොවීමි. ආත්මාර්ථකාමී වුණෙමි. මාගේ ස්වාමි පුරුෂයාගේ සැළකිල්ල ගැන කෙඳිරිමි. ඔහු ගෙය පවිත්‍ර කරන ආකාරය ගැන මම කන්කෙඳිරි ගෑවෙමි. මා දන්නා හොඳම කෝකියා ඔහු වුවද ආහාරවල විවිධත්වයක් නැත කියා මම දොස් කීමි. අවසානයේදී මාගේ කෙඳීරීම ඔහුගේ සිතට වධයක් බව ඔහු පැවසූ විට මම ප්‍රතිවිරෝධය දැක්වීමි. මම විඳින වේදනාව ගැන ඔහුට කිසි වැටහීමක් තිබුණේ නැත. අවසානයේ දෙවියන්වහන්සේ මාගේ වැරදි මට පෙන්වීය. මම මාගේ ස්වාමි පුරුෂයාගෙන්ද ස්වාමින්වහන්සේගෙන්ද සමාව ඉල්ලීමි.

වෙනස් තත්ත්ව ලබා ගැනිම ගැන ආශාවෙන් සිටීම අසහනය ගෙන දෙන්නේය. එසේම සම්බන්ධතා පළුදු කරන ආත්මාර්ථකාමීත්වයක් මතු වන්නේය. මේ ඛේදවාචකය ඉශ්‍රායෙල්වරු හොඳින් දැන සිටියෝය. ඔවුහු දෙවියන්වහන්සේගේ සැපයීම ගැන කිසිදිනෙක සෑහීමට පත්වුයේ නැත (නික්මයාම 17:1-3). “ස්වර්ගීය රොටී” එවමින් දෙවියන්වහන්සේ (16:4) සෙනගට සැළකුවද ඔව්හු වෙනත් ආහාර වලට කෑදර වූහ (ගණන් කථාව 11:4). දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමණීය දෛනික හාස්කම්වලින් වෙනස් දේවල් මෙන්ම ඔවුන්ට පුරුදු දේවල්ද ඉල්ලුවෝය (4-6 පද). ඔව්හු තම අසහනය මෝසෙස්ගෙන් ගත්තෝය (10-14 පද).

දෙවියන්වහන්සේගේ යහපත්කම සහ විශ්වාසවන්තකම ගැන යැපීම කෘතඥතාව තදින් අල්ලා ගැනීමට අපට උපකාර කරයි. අදටත් දෙවියන්වහන්සේ අපට සළකන මැණිය නොහැකි ක්‍රම නිසා උන්වහන්සේට තුති කිරීමට අපට පුළුවන.