බයිබලයේ සත්‍යයන් ගැන වෙනස් වෙනස් අර්ථකථනයන් ගැන ඇති වන වාද විවාද වලදී ඒවායින් ඉවත්වී යාම කෙතරම් අසීරුදැයි මාගේ පියා කථා කරනවා මට මතකය. වෙනත් අතකින් ඔහු කීවේ පක්‍ෂ දෙකම එකඟ නොවීමට එකඟවීම කෙතරම් හොඳද කියාය.

නමුත් නැතිවීමට බොහෝ දේවල් තිබෙන බව දකින විට එකතු කළ නොහැකි වෙනස්කම් පසෙකට දැමීම කළ හැකිද? රෝම පොතෙහි පාවුල් කථා කරන එක් ප්‍රශ්නයක් නම් එයයි. සමාජීය, දේශපාලනීය, ආගමික ඝට්ටනයක පැටලී සිටින රෝම පාඨකයන්ට ලියමින් ඔහු කියන්නේ අදහස් අතර විශාල දුරක් තිබුණද පොදු එකඟතාවකට එන ලෙසය (14:5-6).

පාවුල්ට අනුව එකඟ නොවීමට එකඟවීමට මාර්ගය නම් ස්වාමින්වහන්සේට අප උත්තර දිය යුත්තේ අපගේ අදහස් වලට පමණක් නොව අපගේ වෙනස්කම් තිබියදීත් අප එකිනෙකාට සළකන ආකාරයට (10 පදය) බව දැන සිටීමය.

ගැටුම් ඇතිවන විට අප මතක් කර ගත යුත්තේ අපගේ මත – අප බයිබලය අර්ථකථනය කරන ක්‍රම වලට වඩා වැදගත් දෙයක් ඇති බවය. අප එකිනෙකාට එනම් අපගේ සතුරන්ට පවා ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ ලෙස අප ප්‍රේම කළේද යන්න ගැන අප සියල්ලෝ පිළිතුරු දෙනු ඇත.

දැන් මා ඒ ගැන සිතන නිසා මට මතක්වන්නේ එකඟ නොවීමට එකඟවීම පමණක් නොව එය ප්‍රේමයෙන් සහ ගරුත්වයෙන් කිරීමට මාගේ පියා සාකච්ඡා කළ බවයි.