මිථ්‍යා කථාවකට අනුව ප්‍රාන්ත අතර යුද්ධ කාලයෙහි (ක්‍රි.පූ. 475-246) කූ යුවාන් නැමැති ණැනවත් චීන රටට ගැති රාජ්‍ය නිලධාරියෙක් සිටියේය. රට විනාශ කරන තර්ජනයක් ගැන ඔහු රජුට අනුශාසනා දීමට බොහෝ වර උත්සාහ කළ බව කියැවේ. නමුත් රජු ඔහුගේ අවවාද පිළිනොගත්තේය. අවසානයේදී කූ යුවාන්ව රටින් පිටමං කරන ලදී. ඔහු අනතුරු ඇඟවූ පරිදි රට සතුරාගේ අතට පත්වූ බව දැන ගත් විට කූ යුවාන් දිවි නසා ගත්තේය.

කූ යුවාන්ගේ ජීවිතය සමහර පැති වලින් යෙරෙමියාගේ ජීවිතයට සමානය. ඔහුගේ අවවාද පසෙකට දැමූ රජවරුන්ට යෙරෙමියා සේවය කළේය. ඔහුගේ රට විනාශ විය. කූ යුවාන් ඔහුගේ කලකිරීමට ගොදුරු විය. නමුත් යෙරෙමියාට සත්‍ය බලාපොරොත්තුව ලැබුණි. වෙනස කුමක්ද?

යෙරෙමියා එකම සත්‍ය බලාපොරොත්තුව දෙන ස්වාමින්වහන්සේව දැන සිටියේය. “ඔබගේ දරුවන්ට බලාපොරොත්තුව තිබේ” කියා දෙවියන්වහන්සේ තම අනාගතවක්තෘට සහතික කර තිබුණි. “ඔබගේ දරුවෝ ඔබගේ දේශයට නැවත එන්නෝය” (යෙරෙමියා 31:17). යෙරුසලම ක්‍රි.පූ. 586 දී විනාශ විය. නමුත් එය නැවත ගොඩ නැගුණි (නෙහෙමියා 6:15).

එක් අවස්ථාවක අසහනයට පත්වන විට අප සෑමදෙනාම වැටේ. එය නරක වෛද්‍ය වාර්තාවක් විය හැකිය. හදිසියේ රැකියාවක් නැතිවීමක් විය හැකිය. පවුල බිඳී යාමක් විය හැකිය. නමුත් ජීවිතය අපව බිම දැමූ විට පවා අපට ඉහළ බැලිය හැකිය. මක්නිසාද දෙවියන්වහන්සේ තවමත් සිංහානයේ සිටින හෙයිනි. උන්වහන්සේ තම හස්තයේ අපගේ දවස් අල්වා ගෙන සිටින සේක. උන්වහන්සේගේ සිත සමීපයෙහි උන්වහන්සේ අපව තබා ගෙන සිටින සේක.