ඈන් ෆ්‍රෑන්ක් සුප්‍රසිද්ධ වන්නේ ඇයගේ දිනපොත නිසාය. එහි ඇත්තේ දෙවන ලෝක මහා යුද්ධය කාලයෙහි ඇයත් පවුලේ අයත් සැඟවී සිටි ආකාරයයි. පසු කාලයකදී ඇය නාසි සිරගෙයක සිරගතවී සිටින විට ඇය සමග සිටි අය පැවසුවේ ඇය “ආශිර්වාදයේ අභිමුඛයක්” වෙමින් “ඔවුන් ගැන ඇයගේ දෑස්වල කඳුළු කිසිදා නොවියලුණේය” කියාය. ඒහෙයින් උගතෙකු වූ කෙනත් බේලී පැවසුවේ ඈන් කිසි දිනෙක “සානුකම්පාවේ දැවීයාමක්” නොපෙන් වූ බවයි.

සානුකම්පාවේ දැවී යාම දැඩි ලෙස බිඳුණු ලෝකයක ජීවත් වීමේ ප්‍රතිඵලයක් විය හැකිය. වේදනාවේ විශාලත්වයට හොඳම අරමුණු ඇතුව අප අතර සිටින අයව පවා අක්‍රිය කළ හැකිය. නමුත් යේසුස්වහන්සේ තුළ සානුකම්පාව දැවී ගියේ නැත. මතෙව් 9:35-36 දක්වන්නේ “යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක. උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.” යනුවෙනි.

අපගේ ලෝකය දුක් විඳින්නේ භෞතික අවශ්‍යතා වලින් පමණක් නොවේ. ආත්මික බිඳීම් වලින්ද වේ. එම අවශ්‍යතාවය විසඳීමට යේසුස්වහන්සේ පැමිණි සේක. උන්වහන්සේ එම සේවයට හවුල් වන්න යයි තම ගෝලයන්ට අණ කළ සේක (37-38 පද). අප අවට ඇති අවශ්‍යතාවයන්ට මුහුණ දීම පිණිස සේවකයන් නැගිටුවන ලෙසට උන්වහන්සේ පියාණන්වහන්සේට යාච්ඤා කළ සේක. එනම් පාළුව, පාපය සහ රෝගයෙන් අරගල විඳින අය වෙනුවෙනි. උන්වහන්සේගේ හදවත පිළිඹිඹු වන අන් අය වෙනුවෙන් වූ හදවතක් පියාණන්වහන්සේ අපට දෙන සේක්වා. උන්වහන්සේගේ ආත්මයේ ශක්තියෙන් දුක් විඳින අයට උන්වහන්සේගේ සානුකම්පාවේ දයාව පෙන්නුම් කිරීමට අපට පුළුවන.