මුහුද අද්දර සිටින මිතුරෙකු සමග කථා කරමින් සිටින විට මුහුදු ලිහිණියන්ගේ කෑගැසීම අසා මම සන්තෝෂය ප්‍රකාශ කළෙමි. “වල් සත්තු” ඇයගේ ප්‍රතිචාරය එසේ විය. ඇයට දිනපතා එය කරදරයකි. ලන්ඩන්හි පදිංචිකාරියක් ලෙස මට සිවලුන් ගැන ඇත්තේද එවැනි අදහසකි. මට උන් හුරුබුහුටි සතුන් ලෙස පෙනෙන්නේ නැත. මට උන් පෙනෙන්නේ එහේ මෙහේ ඇවිදින පාර දෙපස ජරා කරන සතුන් ලෙසය.

සාලමොන්ගේ ප්‍රේම කෘතියෙහි සිවලුන් ඉස්මතුවේ. උන් ස්වාමිපුරුෂයෙක් සහ භාර්යාවක් අතර ඇති ප්‍රේමය එළිදරව් කරයි. සමහර අටුවාචාරීන් සිතන්නේ දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ සෙනග අතර ඇති ප්‍රේමය ලෙසටයි. මනාලිය කුඩා සිවලුන් ගැන අනතුරු අඟවයි. උන් අල්ලා ගත යුතුයයි තම මනාලයාට කියයි (2:15). මිදිවත්තේ මිදි සොයා යන සිවලුන් මෘදු වැල් වලටද හානි කළ හැකිය. මනාලියක් විවාහ ජීවිතයක් බලාපොරොත්තු වන අතර ඔවුන්ගේ ගිවිසුම් ප්‍රේමයට සතුන් හානි කරනවාට ඇය කැමති නැත.

දෙවියන්වහන්සේ සමග ඇති අපගේ සම්බන්ධතාවය පළුදු කිරීමට සිවලුන්ට හැකිවන්නේ කෙසේද? මට නම්, බොහෝ ඉල්ලීම් වලට මට “පුළුවන්” කියා කියන විට එය දරා ගත නොහැකි අප්‍රසන්නතාවයක් ඇති කරයි. එසේම සම්බන්ධතා වල ගැටුම් දකින විට මා කෝපයෙන් සහ කලකිරීමෙන් ක්‍රියා කළ හැකිය. මා දොර විවර කර හෝ ඇතුළට ගෙන ඇති මේ “සිවලුන්ගේ” බලපැම අඩුකරන්න කියා මා ස්වාමින්වහන්සේට කියන විට උන්වහන්සේගේ ප්‍රේමණීය අභිමුඛය සහ මග පෙන්වීමේ හැඟීම උන්වහන්සේගේ ප්‍රේමය ගැන විශ්වාසයක් මා තුළ ඇති කරන්නේය.

ඔබ කෙසේද? උන්වහන්සේගෙන් ඔබව වළක්වන ඕනෑම දෙයක් ගැන ඔබ දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්නේ කෙසේද?