එක් ප්‍රවෘත්ති වාර්තාවක තිබුණේ “දශක ගණනක් තුළ කිතුණුවන්ගේ භයානකම දවස” එයයි කියාය. 2017 අප්‍රේල් මාසයේදී ඉරිදා නමස්කාර දෙකකට කළ පහරදීම අපගේ අවබෝධයට ග්‍රහණය නොවේ. නමස්කාර ගෘහයක කළ ලේ වැගිරීම විස්තර කිරීමට අපට වචන නැත. නමුත් එවැනි වේදනා හොඳින් දන්නා අයගෙන් අපට යම් උපකාරයක් ගත හැකිය.

ගිතාවලිය 74 ආසාප් ලියන විට වහල් කමේ සිටි බොහෝ සෙනග මරා දමා තිබුණි. සිතක් පපුවක් නැති ආක්‍රමණිකයන් අතින් මාළිගාව විනාශ වීම ඔහු විස්තර කරන්නේ සිතෙහි ඇති වේදනාව වගුරුවමිනි. “ඔබගේ එදිරිකාරයෝ (ඔබ අප හමුවූ) සභා මධ්‍යයෙහි ගර්ජනා කළෝය” (4 පදය) යයි ආසාප් කීවේය. “ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනි ලෑවෝය. ඔබගේ නාමයේ නිවාසය බිම හෙළා දුෂණය කළෝය” (7 පදය).

කෙසේ වෙතත් ගීතිකාකරු එම භයංකාර සත්‍යය මධ්‍යයෙහි සිටගැනීමට තැනක් සොයා ගත්තේය. අපටද එසේ කළ හැකි බවට දිරිය දුන්නේය. “පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය” (12 පදය). ඔහුගේ ගැළවීම ඒ මොහොතේදී නැතිවූ බව පෙනුනද දෙවියන්වහන්සේගේ ශක්තිමත් බලය ගැන ප්‍රශංසා කිරීමට ආසාප්ට එම සත්‍යය හැකියාව දුන්නේය. “ගිවිසුම සැලකුව මැනව” ආසාප් යාච්ඤා කළේය. “පීඩා ලත් තැනැත්තේ ලජ්ජාවී ආපසු නොඒවා, දුප්පතාද දිළිඳාද ඔබගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. ” (20 පදය).

සාධාරණය සහ දයාව නැති බව පෙනෙන විටත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ බලය කිසි ලෙසකින් නැති නොවේ. ආසාප් සමග අපට ස්ථිරව කිව හැක්කේ “නමුත් දෙවියන්වහන්සේ මාගේ රජුය” යනුවෙනි.