තමාගේ බල්ලා ඇය තබා ගෙන සිටිනවා කියා එක් මනුෂ්‍යයෙක් ස්ත්‍රියකට එරෙහිව නඩු පැවරීය. ස්ත්‍රිය ඇගේ බල්ලා ඔහුගේ නොවන බව කියා බල්ලා මිළදී ගත් ස්ථානයද කීවාය. විනිශ්චය කාමරයේදී බල්ලා ලිහු විට නියම අයිතිකාරයා එළිදරව් විය. නගුට වනමින් බල්ලා මිනිසා වෙත දිව ගියේය.

පැරණි ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවෙක් වූ සාලමොන්ටද ඊට සමාන ගැටළුවක් විසඳීමට සිදු විය. මව්වරු දෙදෙනෙකු එක් දරුවෙකුට උරුමකම් කීහ. දෙදෙනාගේම අදහස් විමසූ පසුව ළදරුවා දෙකට බෙදන පිණිස කඩුවක් ගෙන එන්නැයි රජු ඉල්ලීය. සත්‍ය මව අනිත් ස්ත්‍රියට දරුවා දෙන්න යයි ආයාචනා කළාය. ඇයට දරුවා නොලැබුණත් දරුවාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට ඇයට අවශ්‍ය විය (1 රාජාවලිය 3:26). සාලමොන් ඇත්ත මවට දරුවා දුන්නේය.

සාධාරණ, සදාචාරික දෙය, හරි වැරදි දෙය තෝරා ගැනීමට ප්‍රඥාව අවශ්‍ය වේ. අප ඇත්තෙන්ම ප්‍රඥාව අගයනවා නම් සාලමොන් කළ ලෙසට අපට විමසීමේ හදවතක් දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය හැකිය (9 පදය). දෙවියන්වහන්සේ අපගේ ඉල්ලීමට පිළිතුරු දෙන්නේ අන් අයගේ අවශ්‍යතා සමග අපගේ කාරණා සමතුලිත කර ගැනීමට අපට උපකාර කිරීමෙනි. එසේම තාවකාලික වරප්‍රසාද සමග දීර්ඝ කාලීන වරප්‍රසාද (සමහර විට සදාකාලික) මැණ බැලීමට උපකාර කිරීමෙනි. ඒ අප ජීවත්වන ආකාරයෙන් අප උන්වහන්සේට ගෞරවය දීම පිණිසය.

අපගේ දෙවියන්වහන්සේ සම්පූර්ණ නැණවත් විනිශ්චයකරුවෙක් පමණක් නොව උන්වහන්සේ පුද්ගලික උපදේශකයෙකි. විශාල ලෙස අපට පුද්ගලික අනුශාසනා දීමට උන්වහන්සේ සුදානම්ය (යාකොබ් 1:5).