පියාගේ හදවත ගැන ගැඹුරු පාඩමක් දන්ත වෛද්‍යවරයාගේ කාමරයේදී මට ලැබේ යයි මම කල්පනා නොකළෙමි. නමුත් මට පාඩමක් ලැබුණි. මා එතැන මගේ දස හැවිරිදි පුතා සමග සිටියෙමි. තවමත් වැටී නොතිබුණු ඔහුගේ කිරි දතක් යටින් වැඩිහිටි දතක් එමින් තිබුණි. එය ගැළවිය යුතුය. ඊට වෙන මාර්ගයක් නොවීය.

මාගේ පුත‍්‍රයා කඳුළු සළමින් සිටියේය. “තාත්තේ වෙන ක්‍රමයක් නැත්ද? අපි ඉඳල බලමුද? තාත්තේ මේක ගලවන්න එපා”. මාගේ සිත ඉන් බිඳුණි. නමුත් මා ඔහුට කීවේ “පුතේ ඒක ගලවන්නම ඕනේ! කණගාටුයි වෙන ක්‍රමයක් නැහැ”. දන්ත වෛද්‍යවරයා ඔහුගේ දත ඇද ගලවන විට මම ඔහුගේ අත අල්ලා ගෙන සිටියෙමි. ඔහු දැඟලුවේය. මට ඔහුගේ වේදනාව නැති කිරීමට බැරිය. නමුත් මට පුළුවන් හොඳම දෙය වූයේ ඔහු සමග සිටීම පමණි.

ඒ අවස්ථාවේදී වෙනත් ක්‍රමයක් පියාණන්ගෙන් ඉල්ලමින් ගෙත්සෙමෙනේ සිටි යේසුස්වහන්සේ මට මතක් විය. එවැනි වේදනාවකින් සිටින තමන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් දැකීමෙන් පියාණන්ගේ හදවත කෙසේ බිඳෙන්න ඇත්ද? නමුත් සෙනග ගලවන්න වෙන ක්‍රමයක් නැති විය.

මාගේ පුත්‍රයාගේ මෙන් අපගේ ජීවිතවල අපටද මග හැරිය නොහැකි වේදනාකාරී අවස්ථා මුණ ගැසේ. නමුත් උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ තුළින් අප තුළ කර ඇති යේසුස්වහන්සේගේ කාර්යය නිසා අඳුරුම මොහොතේ පවා අපගේ ප්‍රේමණිය පියාණෝ අප සමග සිටින සේක (මතෙව් 28:20).