2005 දී කොලින්ස් වාර්තාවක් වෙනස් කළ නිසා මැක්ගීට වරස 4 ක් සිරබත් කන්නට සිදුවිය. පිටතට පැමිණ කොලින්ස්ට පහර දීමට මැක්ගී දිව්රීය. මැක්ගී පසුකලෙක නිදොස් කොට නිදහස් කරනු ලැබීය. නමුත් ඒ වන විට සියල්ල ඔහුට නැතිවී තිබුණි. එසේම කොලින්ස් වෙනස් කළ වාර්තා පසුව හසුවිය. කොලින්ස්ගේ රැකියාව නැති විය. ඔහුටද සිරබත් කන්නට සිදුවිය. නමුත් සිර ගෙදර සිටින විට දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ පිළිගත්තෝය.

2015 දී දෙදෙනාම එකම ඇදහිල්ල පදනම්වූ සමාගමක සේවය කරන බව ඔව්හු දැන ගත්තෝය. කොලින්ස් මතක් කරන්නේ “මම මැක්ගීට කීවේ අවංකවම මට පැහැදිලි කිරීමක් දෙන්න බැහැ. මට කරන්න තියෙන්නේ සමාව දෙන්න කියන එක විතරයි” කියාය. මැක්ගී කරුණාවෙන් පිළිතුරු දුන්න්ය. දෙවියන්වහන්සේගේ අසමාන ප්‍රේමය සහ සමාව අත්දුටු නිසා ඔවුන්ට සමගි වීමට හැකි විය. ස්වාමින්වහන්සේ සමාව දුන් ලෙස සමාව දීමට උන්වහන්සේ අප බලගන්වන සේක (කොලොස්සි 3:13).

දැන් දෙදෙනා හොඳ මිතුරෝය. “අපට ශ්‍රේෂ්ඨ මෙහෙයක් තිබෙනවා. ලෝකයට අපි දන්වන්නේ කාගෙන් හරි සමාව ඉල්ලන්න ඹ්නෑ නම් ඔබගේ අහංකාරය පැත්තකට දමා සමාව ඉල්ලන්න කියායි” කොලින්ස් කීවේය.  “එසේම ඔබට කාත් එක්ක හරි තිත්තකමක් තිබෙනවා නම් ඒක අත්හරින්න. නැත්නම් ඒක ඔබ වහබීලා අනිත් කෙනා වැටෙන තුරු බලා ගෙන ඉන්නවා වගේ වැඩක්”.

දෙවියන්වහන්සේ ඇදහිලිවතුන් කැඳවන්නේ සාමයෙන් සහ එක්සත්කමින් ජීවත්වීමටයි. අපට යමෙකු සමග වේදනාවක් ඇත්නම් උන්වහන්සේ වෙත එය ගෙන එමු. එවිට එය විසඳා ගැනීමට උන්වහන්සේ උපකාර කරන සේක (13-15 පද; පිලිප්පි 4:6-7).