මගේ පියා හොඳ පියෙකි. බොහෝ අතින් මමද යුතුකම් දත් පුත්‍රයෙකු වීමි. නමුත් මම මාගේ පියා ආශා කළ දේම ඔහුගෙන් වැළැක්වීමි. ඒ මාවය.

ඔහු නිශ්චල පුද්ගලයෙකි. මාද එසේ විය. අප පැය ගණන් එකට වැඩ කරමු. නමුත් සමහර විට එක වචනයක්වත් එහා මෙහා යන්නේ නැත. ඔහු කවදාවත් ඇසුවේ නැත. මමද මගේ ගැඹුරු ආශා, සිහින, බලාපොරොත්තු සහ භිය ඔහුට කීවේ නැත.

කාලයකට පසු මාගේ නිශ්චලකම මට අවබෝධ විය. සමහර විට එම තේරුම පැමිණියේ මාගේ පළමු පුත්‍රය ඉපදුන විට විය හැකිය. එසේ නැත්නම් පුත්‍රයන් එක එක ලෝකයට ගිය විට විය හැකිය. මාගේ පියාට මම ඊට වඩා පුත්‍රයෙකු වූවා නම් හොඳයයි මට දැන් සිතේ.

ඔහුට කීමට තිබූ බොහෝ දේවල් ගැන මම සිතුවෙමි. එසේම ඔහුට මට කියන්න තිබු බොහෝ දේවල් ගැනද සිතුවෙමි. ඔහුගේ අවමංගල්‍ය වේලේ මම ඔහුගේ පෙට්ටිය අසළ සිට මාගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිවීම ගැන සිතමින් සිටියෙමි. “දැන් ප්‍රමාද වැඩියි නේද?” මගේ බිරිඳ ඇසුවාය. “ඒක හරි” මම කීමි.

මාගේ සහනය නම් ස්වර්ගයේදී අපට කාරණා හරිගස්සා ගැනීමට හැකිවීමයි. එහිදී සියලු කඳුළු පිස දමනු ලැබේ (එළිදරව් 21:4).

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට මරණය ආදරයේ අවසානය නොවේ. නමුත් කාලයක් නැති පැවැත්මේ ආරම්භයයි. එවිට වැරදි වැටහීම් නැත. සම්බන්ධතාවයන් සුවවනු ඇත. ප්‍රේමය අඛණ්ඩව වැඩෙනු ඇත. පියවරුන්ගේ සිත් පුත්‍රයන් වෙතටත් පුත්‍රයන්ගේ සිත් පියවරුන් වෙතටත් හැරෙනු ඇත (මලාකි 4:6).