ආචාර්ය විලියම් වොලාස් චීනයේ වුෂුහී 1940 ස් ගණන් වල මිෂනාරි වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය. 1940 ස් ගණන්වල ජපානය චීනයට පහර දුන්නේය. මේ කාලයේදී ස්ටවුට් ස්මාරක ආරෝග්‍යශාලාව භාරව සිටි වොලාස් විශාල බෝට්ටුවල වෛද්‍ය උපකරණ පටවා ගෙන ගංගාවල එහා මෙහා යමින් සේවය කිරීමට තම කාර්ය මණ්ඩලයට අණ කළේය.

භයානක කාලවලදී පිලිප්පි 1:21 වොලාස් කැමතිම පදයක් විය. ඔහුට එය මතක් කළේ ඔහු ජීවත්වන්නේ නම් ඔහු ගැලවුම්කරුවාණන්ගේ සේවය කළ යුතු බවය. ඔහු මැරුණොත් ක‍්‍රිස්තුස්වහන්සේ සමග සදාකාලයේ පොරොන්දුව ඔහුට තිබේ. 1951 දී ඔහුව අසාධාරණ ලෙස සිරගත කර තිබෙද්දී ඔහු මිය ගියේය. එවිට එම බයිබල් පදයට විශේෂ අර්ථයක් ලැබුණි.

යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අප තුළ ඇති කළ හැකි ගැඹුරු භක්තියක් පාවුල්ගේ ලිපි පෙන්නුම් කරයි. උන්වහන්සේ වෙනුවෙන් සෝදිසි සහ භයංකාරත්වයන්ට පවා මුහුණ දීමට හැකියාවක් අපට ලැබෙයි. එය ශුද්ධාත්මයාණන් ඇති කරන භක්තිය සහ අපට සමීප අයගේ යාච්ඤාවයි (19 පදය). එය පොරොන්දුවක්ද වේ. අසීරු අවස්ථාවලදී අඛණ්ඩ සේවයට අප කැපවන විට අපට මතක් කර ගත හැක්කේ මෙහි අපගේ සේවය සහ ජීවිතය අවසන් වූ විට යේසුස්වහන්සේ සමග සදාකාලික ප්‍රීතිය අපට තවමත් ඇති බවයි.

අපගේ අසීරුම මොහොතවල් වලදී වර්තමානයේ ක්‍රිස්තුස්වහන්සේ සමග ගමන් කිරීමට කැපවූ හදවත්ද උන්වහන්සේ සමග සදාකාලයට ජීවත්වීමේ පොරොන්දුවද ඇතිව අපගේ දවස් සහ ක්‍රියාවන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහිතව අන් අයට ආශිර්වාද කරාවා!