මාගේ අසල්වැසියෙක් වන ටිම්ගේ කාරය ඉදිරිපස වල් සතෙක්ගේ කුඩා රූපයක් ඇත. එය මොරිස් සෙන්ඩාක්ගේ ළමා පොතක් වන “වල් සතුන් කොහේ සිටීද?” යන්න පදනම් කර ගෙනයි.

මෑත දිනක මා පසුපස ඒම පිණිස ටිම් එහෙන් මෙහෙන් කපා ගෙන වාහනයේ ආවේය. අපි පැමිණී විට මා ඇසුවේ “වල් සත්ව පැදවීමක්ද?” කියාය.

ඉන්පසු ඉරුදින මම මාගේ දේශනා සටහන් ගෙදර දමා පැමිණියෙමි. මම සභාවේ සිට නිවසට ඉගිල්ලුණෙමි. මෙහිදී මම ටිම් පසුකර ගියෙමි. පසුව අප මුණගැසුණු විට ඔහු විහිළුවට මෙන් “වල් සත්ව පැදවීමද?” කියා ඇසුවේය. ඔහු කී දෙය මාගේ සිතට කා වැදුණේ්ය. මා වේග සීමාව සැළකිය යුතුව තිබුණේය.

බයිබලය දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවෙන් ජීවත් වන්න යයි අපට කියන විට එය අපගේ ජීවිතයේ සෑම කොටසක්ම භාරදීම ගැන අපව දිරිගන්වන්නේය (රෝම 6:13). එදින ටිම්ගේ ප්‍රතිචාරය මා සැලකුවේ මාගේ පාදය දෙවියන්වහන්සේට භාර කිිරීම ගැන මෘදු මතක් කිරීමක් ලෙසය. ඊට හේතුව මා උන්වහන්සේට ප්‍රේමයෙන් සියල්ල භාරදිය යුතු නිසාය.

“කවුද පදවන්නේ” යන ප්‍රශ්නය අපගේ මුළු ජීවිතයටම බලපාන්නේය. අපගේ පැරණි ජීවිතයේ “වල් සතුන්ට” අපව ගෙන යාමට අප ඉඩ දෙනවාද? එනම් කණස්සල්ල, බිය, අපගේ කැමැත්ත යනාදියයි. නැතිනම් වර්ධනය වීම සඳහා උපකාර කරන දෙවියන්වහන්සේගේ ආත්මයට සහ අනුග්‍රහයට අප භාර වෙනවාද?

දෙවියන්වහන්සේට භාරවීම අපට හොඳය. දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අපව ප්‍රසන්න මාර්ගවල ගෙන යන බව සහ ඇගේ සියලුම මාර්ග සමාදානයෙන් යුත් බව (හිතෝපදේශ 3:17) දේව වචනයේ සඳහන් වන්නේය. උන්වහන්සේ මග පෙන්වන ස්ථානවලට යාම යහපත්ය.