මාගේ මිත්‍ර චැඩ් වයෝමින්හී වසරක් බැටළුවන් බලා ගත්තේය. “බැටළුවෝ කොපමණ මෝඩද කීවොත් උන් කන්නේ උන්ගේ ඉස්සරහා තිබෙන දේ විතරයි” ඔහු කීවේය. “තණකොළ සියල්ලම කා ඉවරවුනොත් උන් අලුත් තැනකට යන්නේ නැහැ! අපවිත්‍ර දේ කන්න පටන් ගන්නවා!”

අපි සිනහවුනෙමු. බයිබලයේද මිනිසුන්ව බැටළුවන්ට සමාන කිරීම මතක් නොකර සිටින්නට මට නොහැකි විය. අපට එඬේරෙකු අවශ්‍ය වීම පුදුමයක් නොවේ. නමුත් බැටළුවන් එතරම් මෝඩ නිසා සාමාන්‍ය එඬේරෙකු ප‍්‍රමාණවත් නැත. බැටළුවන්ට අවශ්‍ය තමන් ගැන බලා ගන්නා එඬේරෙකි. එසෙකියෙල් අනාගතවක්තෘ බබිලෝනියේ වහල්කමේ සිටි දෙවියන්වහන්සේගේ සෙනඟට ලියන විට ඔහු ඔවුන් නපුරු එඬේරුන් විසින් බලාගන්නා බැටළුවන්ට සමාන කළේය. රැළ බලා ගන්නවා වෙනුවට ඉශ්‍රායෙල්හි නායකයෝ ඔවුන් සූරා කෑවෝය. ඔවුන්ගෙන් ලාභ ප‍්‍රයෝජන ගත්තෝය (3 පදය). ඉන්පසුව උන්ව වල් සතුන්ට අත්හැර ගියෝය (5 පදය).

නමුත් ඔවුන්ට බාලපොරොත්තුවක් නොතිබුණා නොවේ. දෙවියන්වහන්සේ, යහපත් එඬේරාණෝ ඔවුන්ව සූරාකන නායකයන්ගෙන් ගළවා ගැනීමට පොරොන්දු වූ සේක. ඔවුන්ව දේශයට ගෙන ඒමට පොරොන්දු වූ සේක. නිල් ගොදුරු බිම්වලට ගෙනවිත් ඔවුන්ට නිවාඩු දීමට පොරොන්දු වූ සේක. උන්වහන්සේ තුවාල වූවන් සුව කර නැති වූවන් පසුපස යන සේක (11-16 පද). උන්වහන්සේ වල් සතුන් එළවා දමා තම රැළ රැක ගන්නා සේක (28 පදය).

දෙවියන්වහන්සේගේ රැළට මෘදු රැකවරණයද මගපෙන්වීමද අවශ්‍ය වේ. අපව සැම විට නිල් ගොදුරු බිම් වෙත ගෙන යන එඬේරෙකු සිටීමට අප කෙතරම් ආශිර්වාදමත්ද?