ස්ටීවන් තොම්සන් ස්මාරක පත්තෑයා යනු අනිත් තරඟවලට වඩා බොහෝ වෙනස් රට හරහා දිවීමකි. සාමාජිකයන් 7 දෙනෙක්ගෙන් යුත් එක් එක් කණ්ඩායම් ඒකකයක් ලෙස දුවති. සැතපුම් තුනේ තරඟය තුළ ඔවුන් සැතපුම් දෙකක්ම හත් දෙනාම කඹයක් අල්ලා ගෙන දුවති. දෙවන සැතපුමේදී කඹය අතහැර තනි තනිව දුවති. ඒ හෙයින් එකිනෙකාගේ වේලාව කණ්ඩායම ගත කළ වේලාවට අමතරව ඔහු/ඇය ගත කළ කාලය වේ.

මෙම වසරේදී මීට පෙර මා නුදුටු උපක්‍රමයක් මාගේ දියණියගේ කණ්ඩායම ක්‍රියාත්මක කළේය. ඔව්හු වේගවත්ම ක්‍රීඩකයා මුලින්ද වේගය අඩුම ක්‍රීඩකයා ඔහු පසු පසින්ද තැබීය. ඔවුන්ගේ ඉලක්කය වූයේ වේගවත්ම ක්‍රීඩකයා වේගය අඩුම ක්‍රීඩකයාව දිරිමත් කිරීමට ඔහු ආසන්නයෙන් සිටිය යුතු නිසාය කියා ඇය මට පැහැදිළි කළාය.

ඔවුන්ගේ සැළැස්ම මට ප්‍රරදර්ශනය කළේ හෙබ්‍රෙව් පොතෙහි ඡේදයකි. කතෘ අපව උනන්දු කරන්නේ “අපි එකිනෙකා ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස” (24 පදය) “අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම වංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු” (23 පදය) කියාය. මෙය ඉෂ්ට කර ගැනීමට අනිවාර්යයෙන්ම බොහෝ මාර්ග තිබේ. නමුත් කර්තෘ එයින් එකක් උලුප්පා දක්වයි. ඒ “අපේම රැස්වීම අත්නෑර ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු” (25 පදය) යනුවෙනි. අපට හැකි ලෙස අන් ඇදහිලිවතුන් සමග එකතු වීම අපගේ ඇදහිල්ලේ ජීවිතයට අනිවාර්යය වේ.

සමහර විට ජීවිත තරඟය අපට දරා ගත නොහැකි බව පෙනේ. අපිට බලාපොරොත්තු කඩවී කඹය අත් හැරීමට සිතෙනු ඇත. නමුත් අපි එකට දුවමු. ශක්තිමත්ව දිවීමට එකිනෙකාට දිරිය දෙමු.