එංගලන්තයේ වික්ටෝරියන් යුගයේ සිටි සිගිස්මන්ඞ් ගීට්ෂ් සෙනඟ විශ්මයට පත් කළේ “මනුෂ්‍යයන්ගෙන් පහකර හෙළා දමනු ලැබීය” යන චිත්‍රය ඇඳීමෙනි. එහි ඔහු පිළිඹිබු කළේ වේදනා විඳින විනිශ්චයට ලක්වූ යේසුස්වහන්සේව ගීට්ෂ්ගේ පරම්පරාවේ අය විසින් වටකරනු ලැබ සිටීමය. ඔවුන්ගේ ආශාවන් වන ව්‍යාපාර, ආලය සහ දේශපාලනයෙන් ඔව්හු වෙළී සිටියෝය. ක්‍රිස්තුස්වහන්සේ ගණන් නොගෙන වටවී සිටිය සෙනග එදා යේසුස්වහන්සේගේ කුරුසිය අසළ සිටි සෙනග මෙන් ඔවුන්ට නැතිවන දෙය ගැන කිසි තැකීමකින් තොරව සිටියෝය.

අපගේ කාලයේදීද ඇදහිලිවතුන්ද නොඇදහිලිවතුන්ද එක සමානව සදාකාලය ගැන ඇති ආකර්ශණයෙන් ඉවතට ඇදිය හැකිය. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය නැමැති සත්‍යය කරණකොට ගෙන යේසුස්වහන්සේගේ අනුගාමිකයයෝ මෙම අවධානය නැතිවීම නැමති මීදුමෙන් මිදීම ලබා ගන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන් ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමෙන් අපට එය ආරම්භ කළ හැකිය. “නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලෝ දැන ගන්නවා ඇත” (යොහන් 13:35).

නමුත් සත්‍ය ප්‍රේමය එතැනින් නොනවතී. අප ඒ ප්‍රේමය ව්‍යාප්ත කරන්නේ ගැළවුම්කරුවාණන් වෙත සෙනග ඇද ගැනීමේ බලාපොරොත්තුව ඇතිව ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමෙනි. පාවුල් ලීවේ “අපි ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතීන්..” (2 කොරින්ති 5:20) කියාය.

මෙලෙස ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට දේව ප්‍රේමය ඉස්මතු කිරීමටද ප්‍රකාශ කිරීමටද පුළුවන. අපට අත්‍යාවශ්‍ය ප්‍රේමයයි. එකිනෙකා සහ අපගේ ලෝකයටය. එම උත්සාහයන් දෙකම උන්වහන්සේගේ ආත්මයෙන් බල ගැන්වේවා! අප යේසුස්වහන්සේ තුළ දකින දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ මනහරත්වයට ඇති බාධා බිඳනෙ යන උපකරණයක් වේවා!