සුභ පැතුම්පත්වල මුද්‍රණය කර ඇති දහස් ගණන් පැතුම් තුළ සිත් කාවදිනම ප්‍රකාශයක් නම් “ඔබ ඔබම නිසා ඔබට ස්තුතියි” යන්නය. ඔබට එවැනි කාඩ්පතක් ලැබුණොත් එම තැනැත්තා ඔබට සළකන්නේ ඔබ යම්කිසි විශේෂ දෙයක් කළ නිසා නොව ඔබගේ නියම තත්ත්වය නිසාවෙන් බව ඔබ දැනගන්නෙහිය.

මෙවැනි හැඟීම්බර ප්‍රකාශයක් දෙවියන්වහන්සේට ස්තුති කිරීමට ඇති හොඳම ක්‍රමයක් යයි මම සිතන්නෙමි. ස්පර්ශ කිරීම් තුළින් අප තුළ දෙවියන්වහන්සේ සමහර විට ක්‍රියා කරන සේක. “ස්වාමිනී එම රැකියාව මට දුන් නිසා ස්තුතියි” කියා අපි කියන්නෙමු. නමුත් ස්වාමිනී ඔබවහන්සේ ඔබවහන්සේම නිසා ස්තුති වේවා කියා අපට නිතරම කිව හැකිය.

1 ලේකම් 16:34 පසුපස ඇති අදහස එය වේ. “ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.”. ඔබවහන්සේ යහපත් සහ ප්‍රේමණීය නිසා ඔබට ස්තුතියි දෙවියන්වහන්ස. “ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි” යනුවෙන් ගීතාවලිය 7:17 හි සඳහන් වේ. ඔබ ඔබවහන්සේම නිසා ස්තුතියි දෙවියන්වහන්ස, ශුද්ධවූ තැනන්වහන්ස. “ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු…… මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය” (ගීතාවලිය 95:2-3). දෙවියන්වහන්ස, ඔබ ඔබවහන්සේම නිසා ස්තුති කරමි. විශ්වයේ සර්වබලධාරී දෙවියන්වහන්ස.

දෙවියන්වහන්සේ කවුද. අප කරන දේ නවත්වා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට ඒ දේම හේතුවකි. ඔබවහන්සේ නොවෙනස්ව සිටින නිසා ඔබවහන්සේට ස්තුතියි!