ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් 20 වන සියවසේ සිටි පුරෝගාමී වෛද්‍ය ධර්මදුත සේවකයෙකු විය. ඔහු ඉන්දියාවේ ලාදුරු රෝගය සමග සම්බන්ධ සමාජ ප්‍රතික්‍ෂේපය දෑසින් දිටීය. ඔහු රෝගියෙක්ව දිනක් අතගැසුවේ ප්‍රතිකාර කිරීමට හැකි බව ඔහුට ඒත්තු ගැන්වීමටය. මිනිසාගේ කම්මුල් දිගේ කඳුළු ගැලීමට පටන් ගත්තේය. සේවකයෙකු ආචාර්ය බ්‍රෑන්ඩ්ට එම කඳුළු විස්තර කළේය. “ඔබ ඔහුව ස්පර්ශ කළා. වසර ගණනක් කිසිවෙක් එසේ කරල නැහැ! ඒ සතුටු කඳුළු”.

යේසුස්වහන්සේගේ සේවයේ මුල් කාලයෙහි කුෂ්ඨ රෝගියෙකු යේසුස්වහන්සේ මුණ ගැසීමට ආවේය. කුෂ්ඨ රෝග යනු එකල තිබු බෝවන චර්ම රෝග සියල්ලට දැමු පොදු නමකි. රෝගය නිසා සමාජයෙන් වෙන්ව සිටිම පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවේ ආඥාව විය. ඔහු අහම්බෙන් හෝ සුවයෙන් සිටි අය සමීපයට ආවේ නම් “අපවිත්‍රයි අපවිත්‍රයි” කියා කෑගැසිය යුතු වන්නේය. එවිට අනිත් අය ඔහුව මග හැර යන්නෝය (ලෙවී කථාව 13:45-46). එහි ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය ආශ්‍රයක් නැතිව ඔවුන් මාස ගණන් වර්ෂ ගණන් ජීවත් වන්නට ඇත.

අනුකම්පාවෙන් පූර්ණවූ යේසුස්වහන්සේ තම අත දිගුකර මිනිසාට අත ගැසීය. වචනයකින් කෙනෙකු සුව කිරීමේ බලය සහ ආධිපත්‍යය යේසුස්වහන්සේ සතු විය (මාර්ක් 2:11-12). නමුත් ශාරීරික රෝගය නිසා ප්‍රතික්‍ෂේපය සහ තනිකම දැණුනාවූ කෙනෙකු උන්වහන්සේ හමුවූ විට උන්වහන්සේගේ ස්පර්ශය ඔහුට මතක් කළේ ඔහු තනිවී නැති බවත් පිළිගැනීමට භාජනයවී ඇති බවත්ය.

දෙවියන්වහන්සේ අවස්ථාව දෙන විට අපට අනුකම්පාව දිගු කළ හැකිය. මෘදු ස්පර්ශයකින් මනුෂ්‍ය වටිනාකම සහ අභිමානය පෙන්විය හැකිය. සරළ මිනිස් ස්පර්ශය අපගේ සැලකීම රිදුනාවූ අයට සුවයේ බලය පෙන්වීම පිණිස ඉතා දුරක් යන කාරණයක් වේ.