වැඩපොළේ අලුත් භූමිකාවක් විවෘත වූ විට සයිමන් සිතුවේ එය දෙවියන්වහන්සේගෙන් බවය. එම තීරණය ගැන යාච්ඤාකර උපදෙස් ලබා ගත් විට ඔහුට දැණුනේ විශාල වගකීමක් දැරීමට දෙවියන්වහන්සේ අවස්ථාවක් දුන් බවයි. සෑම දෙයක්ම හරි ගියේය. ඔහුගේ නායකයා ඔහුට උපකාර කළේය. නමුත් ඉන්පසු සමහර දේවල් හරියාකාරව කෙරුණේ නැත. සමහර හවුල් සේවකයෝ සහයෝගය දීම ප්‍රතික්‍ෂේප කළෝය. රැකියාව අත් හරින්නදැයි ඔහු කල්පනා කරන්න පටන් ගත්තේය.

ඉශ්‍රායෙල්වරු මාළිගාව ගොඩනැගීමට ඉශ්‍රායෙලයට පැමිණි විට ඔවුන්ව බිය වද්දා අධෛර්ය කිරීමට සතුරෝ වීර්යය කළෝය (එස්රා 4:4). මුලදී ඉශ්‍රායෙල්වරු වැඩ නැවැත්වූහ. සෙකරියා සහ හග්ගායි තුළින් දෙවියන්වහන්සේ ඔවුන් දිරිමත් කළ සේක. ඔව්හු නැවත වැඩ ආරම්භ කළෝය (4:24-5:2).

නැවත වරක් සතුරෝ ඔවුන්ට කරදර කරන්නට පැමිණියෝය. නමුත් මේ අවස්ථාවේ ඔව්හු අත්නෑරියෝය. දෙවියන්වහන්සේගේ දෑස් ඔවුන් කෙරෙහි බව ඔව්හු දැන සිටියෝය (5:5). ඔව්හු දෙවියන්වහ්නසේගේ උපදෙස් තදින් අල්ලා ගත්තෝය. ඔවුන්ට එන ඕනෑම බාධාවන් තුළින් ගෙන යන පිණිස උන්වහන්සේ මත විශ්වාසය තැබුවෝය. ඒ හෙයින් මාලිගාව අවසන් කිරීමට දෙවියන්වහන්සේ පර්සියානු රජුගේ සහයෝගය ඔවුන්ට දීම පුදුමයක් නොවේ (13-14 පද).

එසේම සයිමන් තමන් සිටිය යුතුද අස්විය යුතුද යන්නට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව පැතීය. දෙවියන්වහන්සේ ඔහුට නවතින්න කියා කියන බව ඔහුට හැඟුණි. ඔහු ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය දෙවියන්වහන්සේගෙන් බලාපොරොත්තු විය. කාලයාගේ ඇවෑමෙන් ටිකෙන් ටික තම හවුල් සේවකයන්ගේ සිත ඔහු දිනා ගත්තේය.

අප දෙවියන්වහන්සේ අනුගමණය කිරීමට සොයන විට උන්වහන්සේ අපව කොතැන තබා තිබුනත් අපට විරුද්ධකම් එන්නේය. නමුත් උන්වහන්සේ අනුගමණය කිරීම අප අත්නෑරිය යුතු වන්නේ එහිදීය. ඉදිරියට යාමට උන්වහන්සේ අපට මග පෙන්වන සේක.