දුෂ්කර ප‍්‍රදේශයක සිටි කාර්ය මණ්ඩල නිලධාරියෙකු සමග සෘජුව කථා කිරීමට මට සැතපුම් 50 ක් පමණ යාමට සිදු විය. ඔහු අපගේ සමාගම ගැන වැරදි අදහස් පතුරන බව මට වෙන අයෙකුගෙන් දැන ගැනීමට ලැබුණි. අපගේ කීර්ති නාමය ගැන මම බියවීමි. ඔහුගේ තීරණ වෙනස් කරන උපදෙසක් දීමට මට පෙළඹවීමක් පැමිණියේය.

1 සාමුවෙල් 25 හි ඉශ්‍රායෙල් අනාගත රජුට මුහුණට මුහුණ ලා කථා කිරීමට ස්ත්‍රියක් විශාල අවදානමක් පුද්ගලිකව ගත්තාය. ඒ රජු විනාශකාරී තීරණයක් ගැනීමට සිටින අවස්ථාවකය. අබීගායිල් නාබල් සමග විවාහ වී සිටියාය. ඔහුගේ චරිතය ඔහුගේ නමට ගැළපිනි (මෝඩයා) (3, 25 පද). නාබල් තම රැළවල් ආරක්‍ෂා කිරීම වෙනුවට ගෙවිය යුතු සම්ප්‍රදායානුකූල වැටුප් දාවිත්ට සහ ඔහුගේ සෙනගට ගෙවා නොතිබුණි (10-11 පද). එය දැනගත් දාවිත් අබීගායිල්ගේ නිවස විනාශ කිරීමේ සැලසුමක් යෙදීය. තම අඥාන ස්වාමිපුරුෂයා තර්කයට ඇහුම්කන් නොදෙන බව දැන අබීගායිල් සමගි පුජාවක් සුදානම් කර ගත්තාය. ඇය දාවිත් හමුවීමට ගියාය. දාවිත්ගේ සැලසුම ගැන නැවත සිතා බැලීමට (18-31 පද) ඔහුට සැළැස්වූවාය.

අබීගායිල් එය කළේ කෙසේද? දාවිත් සහ ඔහුගේ සෙනගට ගෙවීමට තිබු ණය ගෙවන පිණිස කොටළුවන් පිට ආහාර පුරවා යවා ඇය දාවිත්ට සත්‍යය කථා කළාය. දාවිත් මත තිබූ දෙවියන්වහන්සේගේ කැඳවීම ඇය මතක් කළාය. පළිගැනීමට තිබූ බලාපොරොත්තුව ඔහු මග හැර ගත හොත් දෙවියන්වහන්සේ ඔහුව රජකළ විට නිකරුණේ ලේ හැලුවේය කියා ඔහුගේ හෘද සාක්‍ෂිය තුළ දොස් කීමක් ඇති නොවන බව ඇය කිවාය (31 පදය).

දෙවියන්වහන්සේ වෙනුවෙන් කිරීමට ඇති කාර්යක්‍ෂම සේවය අවදානමට ලක්වන වර්ගයේ විශාල වරදකට සුදානම් වන කෙනෙකු ඔබද දන්නවා විය හැකිය. අබීගායිල් මෙන් දෙවියන්වහන්සේ ඔබව සෘජු සාකච්ඡාවට කැඳවනවා විය හැකිය.