විශාල අධ්‍යාපන ව්‍යාපෘතියක් මට බරක් වී තිබුණි. නියමිත දිනට එය අවසන් කර ගැනීමට පුළුවන් වේදැයි මම කණස්සලු වීමි. මාගේ කණස්සල්ල මධ්‍යයෙහි මා දිරිමත් කරන පණිවුඩ තුනක් මාගේ මිතුරන්ගෙන් ලදිමි. ඔවුන් එකිනෙකා පැවසුවේ “මම යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ ඔබව මට මතක් කළා” කියාය. මා ගත කරන කාල පරිච්ඡේදය නොදැන ඔවුන් මට පණිවුඩ එවීම නිසා මම දිරිමත් වීමි. මට යටහත් කමක් දැණුනි. දෙවියන්වහන්සේ ප්‍රේමයේ පණිවුඩකරුවන් ලෙස ඔවුන් යොදා ගෙන ඇති බව මම විශ්වාස කළෙමි.

කොරින්තියෙහි සභාවට ලියන විට අපෝස්තලු පාවුල් යාච්ඤාවේ බලය දැන සිටියේය. ඔබ අපට යාච්ඤාවෙන් උදව් කරන විට “උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක” (2 කොරින්ති 1:10-11) කියා ඔහු කීවේය. බොහෝ අයගේ යාච්ඤාවට දෙවියන්වහන්සේ පිළිතුරු දෙන විට (11 පදය) උන්වහන්සේ මහිමයට පත්වනු ඇත.

මාගේ මිතුරන්ද පාවුල්ට සහයෝගය දුන් අයද මැදහත්කාරකමේ සේවයේ නියැලුණහ. ඔස්වල්ඩ් චේම්බර්ස් එයට කියන්නේ “පියාණන් මහිමයට පත්වන, ඵල උපදවන, සැඟවුන සේවය” කියාය. අපගේ මනස සහ හදවත අප යේසුස්වහන්සේ කෙරෙහි යොමුකරන විට උන්වහන්සේ අප හැඩ ගස්වන බව අපට පෙනේ. එයට අප යාච්ඤා කරන ක්‍රමයද ඇතුළත් වේ. අපගේ මිතුරන්ට පවුලේ අයට හෝ අමුත්තන්ට පවා සත්‍ය මැදහත්කාරකම් කිරීමේ දීමනාව දීමට හැකියාව උන්වහන්සේ දෙන සේක.

ඔබ යාච්ඤා කළ යුතු කෙනෙකු දෙවියන්වහ්නසේ ඔබගේ සිතට දී තිබෙනවාද?