මාගේ මිතුරියක් උත්සව සමයේ භෝජනයකට ඇයගේ පවුලේ අයත් මිතුරනුත් තම නිවසට එකතු කිරීමට උනන්දුවෙන් සිටියාය. සෑම මිතුරෙකුම පැමිණීමට කැමැත්තෙන් සිටියේය. වියදම අඩු කිරීමට ඔවුන්ද පංගුකාර වීමට පොරොන්දු වූහ. සමහරු පාන්ද, සමහරු සැලඩ් හෝ ව්‍යාංජනයක් හෝ ගෙන ඒමට තීරණය කළෝය. එක් මිතුරියකට ගෙන ඒමට මුදල් නොතිබුණු නිසා නිවස පවිත්‍ර කිරීමට ඇය පොරොන්දු වූවාය.

ඇය හිස් අතින් පැමිණියත් ඇයව ඔවුන් පිළිගනු ඇත. නමුත් ඇයට තිබෙන දෙය: නිපුණත්වය සහ කාලය ඇය මුළු සිතින් පරිත්‍යාග කළාය. පාවුල් 2 කොරින්ති 8 හි පෙන්වන ආකල්පයද එය බව මම සිතමි. හවුල් කිතුණුවන්ට උපකාර කිරීමට ඔව්හු උනන්දුවෙන් සිටියහ. ඔවුන්ගේ උත්සාහය ස්ථිර කරන්න යැයි ඔහු ඔවුන්ව දිරිමත් කළේය. ඔහු ඔවුන්ගේ කැමැත්ත සහ ආශාව ඇගයීමට භාජනය කළේය. ඔහු කියා සිටියේ දීමට ඇති ආශාව කුමණ ප්‍රමාණයේ තෑග්ගක් වුවද පිළිගැනීමට සුදුසු එකක් කරන බවය (12 පදය).

අපගේ තෑගි අන් අයගේ තෑගි සමග සංසන්දනය කිරීමට අපි බොහෝ විට ඉක්මන් වෙමු. විශේෂයෙන් අපගේ මූලාශ්‍ර අප දීමට ආශා කරන තරමට ප්‍රමාණවත් නොවන විටය. නමුත් දෙවියන්වහන්සේ අපගේ දීම දෙස බලන්නේ වෙනස් ආකාරයකටය: අපට තිබෙන දෙය දීමට අප තුළ ඇති කැමැත්තට උන්වහන්සේ ආශා කරන සේක.