ඇමී ජීවත්වන්නේ ශුභාරංචිය තහනම් කර ඇති දේශයකය. ඇය පුහුණුව ලත් හෙදියකි. විශාල රෝහලක අලුත උපන් ළදරු ඒකකයේ ඇය සේවය කරන්නීය. ඇයගේ කැපවීමේ සේවය කැපී පෙනුණේය. බොහෝ ස්ත්‍රීන් ඇය ගැන ගරුත්වයෙන් බලති. පුද්ගලිකව ඔවුහු ඇයගෙන් ප්‍රශ්න අසති. එවිට ඇමී විවෘතව ගැළවුම්කරුවාණන් ගැන කථා කරන්නීය.

ඇයගේ යහපත් ක්‍රියා නිසා හවුල් සේවකයෝ ඇය ගැන ඊර්ෂ්‍යාවී ඇය ඖෂධ සොරකම් කළ බවට පැමිණිළි කළෝය. ඇයගේ අධිකාරීන් එය විශ්වාස කළේ නැත. අවසානයේ සොරා අසුවුනි. එම සිද්ධිය නිසා සමහර හවුල් සේවකයෝ ඇයගේ ඇදහිල්ල ගැන ප්‍රශ්න ඇසුවෝය. ඇයගේ උදාහරණය මට පේත්‍රැස් කී දෙය මතක් කරන්නේය. “ප්‍රේමවන්තයිනි…. නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.” (1 පේත්‍රැස් 2:11-12).

අපගේ නිවසේ දෛනික ජීවිත, අපගේ රැකියා කරන වාතාවරණයන්හිදී එසේත් නැත්නම් පාසැලේදී දෙවියන්වහන්සේට අප තුළ ක්‍රියා කිරීමට ඉඩ හැරියහොත් එයින් අන් අයට බලපෑමක් ඇති කළ හැකි වන්නේය. අපි කථා කරන සහ හැසිරෙන ආකාරය දෙස බලා සිටින අයගෙන් අපි වටව සිටිමු. අපගේ ක්‍රියා සහ සිතුවිලි පාලනය කිරීමට අපි දෙවියන්වහන්සේ මත යැපෙමු. එවිට අපි නොඇදහිලිවන්තයන්ට බලපෑමක් වෙමු. එවිට සමහරු යේසුස්වහන්සේ වෙතට හැරෙනු ඇත.