මම විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ එක් ග්‍රීෂ්ම සෘතු නිවාඩුවකදී කොලරාඩෝහී ගොවිපළක වැඩ කළෙමි. මුළු දවසේම ගොයම් පෑගීම නිසා වෙහෙසින් සහ බඩගින්නෙන් යුතුව එක් සන්ධ්‍යාවක මම ට්‍රැක්ටරය ගබඩාවට පදවා ගෙන ගියෙමි. මා ලොකුකම සිතට ගෙන තිරිංග තද කර සුක්කානම වමට කැරකුවෙමි.

නගුල ඔසවා නොතිබුණි. එය ඒ අසළ තිබූ ගැලුම් 500 ක් සහිත ඉන්ධන ටැංකියක වැදුණි. ටැංකිය මහා ශබ්දයකින් පොළොවට වැටී පැලී ඉන්ධන සියල්ල පිටතට ගලා ගෙන ගියේය.

අයිතිකරු ඒ අසල සිට ගෙන සිදුවන දෙය බලා සිටියේය.

මම ට්‍රැක්ටරයෙන් බැස ගොත ගසමින් සමාව ඉල්ලුවෙමි. ඒ වේලේ මගේ කටට ආ වචන අනුව මුළු ග්‍රීෂ්ම සෘතුවම වැටුප නැතිව වැඩ කිරීමට පොරොන්දු වීමි.

වයසක අයිතිකරු විනාශය දෙස මොහොතක් බලා සිට “යමු ගිහිං කෑම කමු” යයි කීවේය.

යේසුස්වහන්සේ කී කථාන්දරයක කොටසක් මගේ මනසට ආවේය. ඒ මහත් බැරෑරුම් දේවල් කළ තරුණයෙක්ගේ කථාවකි. “පියාණෙනි මම ස්වර්ගයට සහ ඔබට විරුද්ධව පව් කළෙමි” ඔහු හැඬුවේය. “ඔබගේ කුලී කාරයෙකු මෙන් මාව තබා ගන්න” යයි කීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ මුවින් සෑම වචනයක්ම පිටවෙන්න පළමු කොටම ඔහුගේ පියා ඔහුට බාධා කළේය. කෙටියෙන් කියනවා නම් ඔහු කීවේ “යමු ගිහිං කෑම කමු” කියාය (ලූක් 15:17-24).

දෙවියන්වහන්සේගේ විශ්මපත් අනුග්‍රහය එලෙසය.