පසුගිය ග්‍රීෂ්ම සෘතුවේ මාත් මාගේ ස්වාමි පුරුෂයාත් පෙන්සිල්වේනියාවේ දුෂ්කර පෙදෙසක පිහිටා තිබෙන 1935 දී ලොයිඩ් රයිට් විසින් නිර්මාණය කළ ෆෝලිං වෝටර් නැරඹීමට ගියෙමු. මා එවැනි දෙයක් මීට පෙර දැක නැත. ලොයිඩ් රයිට්ට අවශ්‍ය වූයේ ස්වාභාවික නිවසක් නිර්මාණය කිරීමය. ඒ එය එහිම වැඩී ඇති ලෙසටය. ඔහු තම ඉලක්කය සපුරා ගත්තේය. ඔහු නිවස සෑදුවේ පිහිටි දිය ඇල්ලක් වටකරය. එහි හැඩය නිසා අසල ඇති කඳු ගැටය එහි සිට හොඳින් දිස්වේ. එම නිවාසය ශක්තිමත්ව තිබීමට හේතුව අපගේ මග පෙන්වන්නිය විස්තර කළාය. “මුළු බර රැඳිලා තියෙන්නේ පර්වත මතය” ඇය කීවාය.

මේ වචන ඇසූ විට යේසුස්වහන්සේ තම ගෝලයින්ට කී වචන මතක් නොකර සිටීමට මට බැරිවිය. කන්ද උඩ දේශනාවේදී උන්වහන්සේ ඔවුන්ට කීවේ උන්වහන්සේ උගන්වන දේවල් ඔවුන්ගේ ජීවිතවල අත්තිවරම වනු ඇත කියාය. ඔවුන් එම වචන අසා ක්‍රියාවට දමයි නම් ඕනෑම කුණාටුවකට මුහුණ දීමට ඔවුන්ට හැකිවනු ඇත. අසා කීකරු නොවන අය වැලිමත්තේ ගොඩ නැගූ අය මෙන් වනු ඇත (මතෙව් 7:24-27). පසුව පාවුල් එම අදහස නැවත ප්‍රතිරාවය කරමින් ක‍්‍රිස්තුස්වහන්සේ අත්තිවාරම බවත් පවතින ක්‍රියා මගින් අපි ඒ මත ගොඩ නැගිය යුතු බවත් කීවේය (1 කොරින්ති 3:11).

අප යේසුස්වහන්සේගේ වචනවලට ඇහුම්කන් දී ඒවාට කීකරු වන විට අපි ශක්තිමත් ගල් අත්තිවාරමක ගොඩ නගන්නෙමු. සමහර විට අපගේ ජීවිත ෆෝලිං වෝටර් මෙන් අලංකාරව සහ පර්වතය මත පවතින ලෙස ගොඩ නැගීමට හැකි වනු ඇත.