කණ්ඩායමේ අන් අය අභියෝග හෝ රෝගවලට හෝ මුහුණ දෙන තම පවුලේ අය හෝ මිතුරන් හෝ ගැන යාච්ඤා කරන්න යැයි කියන කාරණා ඩයන් අසා සිටියාය. ඇයගේ පවුලේද වසර ගණනක් අබ්බැහිකමෙන් පීඩා විඳින සාමාජිකයෙකු සිටියේය. නමුත් ඇය නිශ්චලව සිටියාය. ඇය වාචිකව යමක් කී විට මිතුරන්ගේ මුහුණු වෙනස්වීම්, අසන ප‍්‍රශ්න සහ අවවාද දරා ගැනීමට ඇයට නොහැකි විය. එම ඉල්ලීම නිසලව තබා ගැනීමට හොඳ බව ඇය සිතුවාය. ඇයගේ පවුලේ සාමාජිකයා යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකුව සිටියද ඔහු දිනපතා අරගල කරන්නේ කෙසේදැයි අන් අයට වැටහුණේ නැත.

ඩයන් එම කණ්ඩායම සමග යාච්ඤා ඉල්ලීම බෙදා නොගත්තද ඇයට විශ්වාසය තැබිය හැකි මිතුරන් කිහිප දෙනෙකු සිටියාය. ඔවුන්ට ඇය ගැන යාච්ඤා කිරීමට ඇය කීවාය. ඇබ්බැහිවීමෙන් ඉවත්ව ක්‍රිස්තුස්වහන්සේගේ නිදහසේ අත්දැකීම ලැබෙන පිණිස ඔව්හු ඇයගේ ප්‍රේමණීයයා ගැන යාච්ඤා කළහ. එසේම ඩයන්ට අවශ්‍ය සාමය සහ ඉවසීම දෙන මෙන්ද යාච්ඤා කළෝය. ඇය යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයෙන් ඇයට සහනයද ශක්තියද ලැබුණි.

අපගෙන් බොහෝ අයගේ අඛණ්ඩ සහ උනන්දුවෙන් කරන යාච්ඤාවලට පිළිතුරු නොලැබෙන බවට අපට හැඟේ. නමුත් දෙවියන්වහන්සේ අප ගැන සළකන බවත් උන්වහන්සේ අපගේ සියලු යාච්ඤා අසන බවටත් අපට ස්ථිරකමක් තබා ගත හැකිය. ඒ උන්වහන්සේ සමග සමීපව ගමන් කරමින් “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවී දුකේදී ඉවසිලිවන්තව” සිටිමෙනි (රෝම 12:12). අපට උන්වහන්සේ කෙරෙහි යැපීමට පුළුවන.