මාගේ සහෝදර සහෝදරියන් සමග මා හැදී වැඩුණේ බටහිර වර්ජිනියාවේ කැලෑබද කඳුකරයකය. එම ප්‍රදේශය අපගේ සිතුවිලි පෝෂණය කරන දර්ශන අපට සැපයීය. ටාසන් මෙන් වැල් වලින් වැල්වලට පැනීම රොබින්සන් පවුල මෙන් ගස්වල නිවෙස් සෑදීම වැනි අප කියවු සහ නැරඹූ කථාන්දරවල දර්ශන අපි රඟපෑවෙමු. බලකොටු සාදා අපට ආරක්‍ෂාව ඇතැයි අපි සිතා ගත්තෙමු. වසර කිහිපයකට පසු මගේ දරුවෝ ඇඳ රෙදි පොරෝනා සහ කොට්ටවලින් මන:කල්පිත සතුරන්ගෙන් ආරක්‍ෂාවීමට බලකොටු සාදා ගත්තෝය. අපට ආරක්‍ෂාව ඇතැයි සිතෙන සැඟවීමේ ස්ථානයක් ගැන හැඟීම අපට සහජයෙන්ම එන්නේය.

ඉශ්‍රායෙලයේ ගීතිකාකරු සහ කිවිඳුන් වන දාවිත් රැකවරණයේ ස්ථානයක් සොයන විට ඔහු දෙවියන්වහන්සේගෙන් එහාට බැලුවේ නැත. ගීතාවලිය 17:9 පවසන්නේ “ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව” කියාය. පරණ ගිවිසුමේ දාවිත්ගේ ජීවිත සටහන් කියවන විට ඔහු අඛණ්ඩව මුහුණ දුන් තර්ජන බලන විට මේ වචන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්මිත ස්ථිරතාවයක් පෙන්නුම් කරන්නේය (6 පදය). එම තර්ජන මධ්‍යයෙහි සහතික ලෙස දාවිත් දැන සිටියේ ඔහුගේ සත්‍ය රැකවරණය ඔහුට ලැබී ඇති බවය.

එම ස්ථිරතාවයම අපටද ලැබිය හැකිය. අපව කිසිදා අත් නෑරීමට පොරොන්දුවන දෙවින්වහන්සේ (හෙබ්‍රෙව් 13:5) අපගේ දෛනික ජීවිත වලදී අප විශ්වාස කරන දෙවියන්වහන්සේය. අප භයංකාර ලෝකයක ජීවත් වුවද අපගේ දෙවියන්වහන්සේ අපට සාමයද සථිරතාවයද දැන් සහ සදාකාලයට යන දෙකටම දෙන සේක. අපගේ රක්‍ෂස්ථානය උන්වහන්සේය.