පිළිකා රෝහලක මා මාගේ මව බලා ගනිමින් සිටි කාලයේ මම ලෝරීව හඳුනා ගතිමි. ඇය තම ස්වාමිපුරුෂයා වන ෆ්‍රෑන්ක් බලා ගනිමින් එම රෝහලේම සිටියාය. මම ඇය සමග සිනහසෙමින්, කථා කරමින්, හඬමින්, යාච්ඤා කරමින් කාලය ගත කළෙමි. අපගේ ප්‍රේමණීයයන් බලාගන්නා කාලය තුළ එකිනෙකාට සහයෝගය දීම අපි භුක්ති වින්දෙමු.

එක් දිනෙක අපව කඩ පෙළට ගෙන යන වාහනය මට මග හරුණි. එදින සවස් කාලයේ ලෝරි තම වාහනයේ මාව ගෙන යාමට ඉදිරිපත් වූවාය. කෘතඥතා කඳුළිින් මම එය පිළිගතිමි. “ඔබ ඔබම නිසා ස්තුතියි” මම කීවෙමි. මිතුරියක් ලෙසට ඇය මට කළ දේවල් නිසා නොව ඇය ඇයම නිසා මම ඇයව අගය කළෙමි.

දෙවියන්වහන්සේ කව්ද යන කාරණය නිසා දෙවියන්වහන්සේව අගයන ආකාරය ගීතාවලිය 100 අපට පෙන්වන්නේය. උන්වහන්සේ දෙවියන්වහන්සේ වන්නේ උන්වහන්සේගේ ක‍්‍රියා නිසා පමණක් නොවේ. ගීතිකාකරු මුළු ලෝකයට ආරාධනා කරන්නේ (1 පදය) “ස්වාමින්වහන්සේ ප‍්‍රිතියෙන් නමස්කාර (2 පදය) කිරීමටය. “ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ බව” (3 පදය) ස්ථිරව දැන ගැනීමටය. අපගේ මැවුම්කරුවාණෝ උන්වහන්සේගේ අභිමුඛයට අපට ආරාධනා කරන්නේ උන්වහන්සේට ස්තුති දී ප්‍රශංසා කිරීමටය (4 පදය). අපගේ අඛණ්ඩ ස්තුතිවන්තකමට උන්වහන්සේ යෝග්‍ය වේ. ඒ උන්වහන්සේ “යහපත්” නිසාත් උන්වහන්සේගේ “ප්‍රේමය සදාකාලටය පවතින” නිසාත්ය. උන්වහන්සේගේ විශ්වාසවන්තකම සියලු පරම්පරාවලටද පවත්නේය (5 පදය).

දෙවියන්වහන්සේ සැමවිට විශ්වයේ මැවුම්කරුවාණෝද නඩත්තු කරන්නාද වනු ඇත. උන්වහන්සේ අපට ළංව සිටින පියාණෝය. අපගේ අවංක ප්‍රීතියෙන් පිරි කෘතඥතාවයට උන්වහන්සේ සුදුසුය.