දෙසැම්බර් මාසය දින දර්ශනයේ පෙරළීමට පෙරම උතුරේ ඇති අප නගරයේ නත්තල් සිරිය බැබළිමට පටන් ගන්නේය. වෛද්‍ය ශලාවක ඉඩමේ ගස් සහ පඳුරු විදුලි බුබුළු වැල් වලින් දීප්තිමත් වන්නේය. සැම ගසක්ම වෙනස් වර්ණයක් දෙයි. රාත්‍රියේදී එය ඇස් පිනවන දර්ශනයක් වන්නේය. ව්‍යාපාර ස්ථානයක් ඔවුන්ගේ ගොඩනැගිල්ල විශාල වියදමක් පෙන්වන නත්තල් තෑග්ගක් මෙන් සරසයි. නත්තල් සිරියේ සාක්‍ෂි නැති ස්ථානයක් නැති තරම්ය.

සමහර අය මේ සුඛෝපභෝගී සැරසිලි වලට කැමතිය. අන් අය විවේචනාත්මකව ඒ දෙස බලන්නෝය. නමුත් වැදගත්ම ප්‍රශ්නය නම් අන් අය නත්තල දෙස බලන විධිය නොවේ. නත්තල සැමරීම අපට අර්ථවත් කරන්නේ කුමක්ද යන්න ගැන අපි එකිනෙකා සැළකිලිමත් වීමය.

යේසුස්වහන්සේගේ උත්පත්තියෙන් වසර 30 කට පමණ පසු යේසුස්වහන්සේ තම ගෝලයින්ගෙන් ඇසුවේ “මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්ද?” යනුවෙනි (මතෙව් 16:13). අන් අය එනම් යොහන් බව්තීස්ත, එලියා එසේත් නැත්නම් වෙනත් ප්‍රොපේතවරයෙක් ලෙසින් දුන් ප්‍රතිචාර ඔවුහු පැවසූහ. ඉන්පසු යේසුස්වහන්සේ එය පුද්ගලික කාරණයක් කළ සේක. “නුඹලා මා කවුරුය” කියා කියනවාද?” (15 පදය”. “පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි” කියා කීවේය (16 පදය).

බොහෝ අය නත්තල සමරන්නේ එහි ළදරුවා කව්ද කියා මොනම හැඟීමක් හෝ නැතිවය. අප ඔවුන් සමග සංනිවේදනය කරන විට මෙම වැදගත් ප්‍රශ්නය ගැන සළකා බැලීමට ඔවුන්ට උපකාර වීමට අපට හැකිය. නත්තල යනු ගවලෙනක ළදරුවෙකු ඉපදීම ගැන සිත් උණුවෙන කථාවක් පමණක්ද? නැතිනම් අපගේ මැවුම්කරුවාණෝ උන්වහන්සේගේ මැවිල්ලට පැමිණ අපගෙන් කෙනෙකු මෙන් වූනේද?