ශීත සෘතුවේදී මාගේ දරුවෝ පසුපස ඉඩමේ අයිස් මත ලිස්සා යෑමෙන් ප්‍රීති වෙති. කුඩා කාලයේ අයිස් මත ලිස්සා යාම පුහුණු වීම අභියෝගාත්මකය. තද අයිස් මත පාද තැබීමට ඉගැන්වීම අසීරුය. ඊට හේතුව වැටීමේ වේදනාව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ගේ පාද ලිස්සා යන සැම විටම මගේ ස්වාමිපුරුෂයා හෝ මම ඔවුන්ට නැගිටීමට උපකාර කරන්නෙමු.

වැටෙන විට අපව නැගිටුවීමට යමෙක් සිටීම දේශනාකාරයා දී ඇති චිත්‍රයයි. තවත් කෙනෙකු සමග සේවය කිරීම අපගේ සේවය මිහිරි කරයි. කාර්යයක්‍ෂම කරයි (4:9). මිතුරෙකු අපගේ ජීවිතවලට උණුසුම ගෙන එයි. අපට අභියෝග පැමිණෙන විට ප්‍රායෝගික සහ භාවමය වශයෙන් යමෙකු සිටීම යහපති. මෙම සම්බන්ධකම්වලට අපට ශක්තිය, පරමාර්ථය සහ සහනය දිය හැකිය.

අයිස් වැනි ජීවිතයේ දැඩි අසීරුතා මත අප වැටෙන විට අප අසළ අපට උපකාර කිරීමට දෑතක් තිබේද? එසේ නම් එය දෙවියන්වහන්සේගෙන් විය හැකිය. එසේත් නැත්නම් තව අයෙකුට මිතුරෙක් අවශ්‍ය වෙලාවකදී ඔවුන් ඔසවා තැබීමට අපට දෙවියන්වහන්සේගේ පිළිතුර විය හැකිද? මිත්‍රයෙක් වීමට අපට බොහෝ විට කෙනෙකු සොයා ගත හැකිය. අපව නැවතත් නගා සිටුවීමට කෙනෙකු අසළක නැතැයි හැඟෙන විට දෙවියන්වහන්සේ අපගේ සදාකාලික උපකාරය නිසා අපට සහනයක් ලබා ගත හැකිය (ගීතාවලිය 46:1). අපි උන්වහන්සේට ළංවන විට උන්වහන්සේගේ දැඩි ග්‍රහණයෙන් අපව එසවීමට උන්වහන්සේ සුදානම්ය.