මාගේ මිතුරාව හදා වඩා ගත්තේ ඝාණාවේ සිටි ඇමෙරිකානු මිෂනාරී යුවළක් විසිනි. ඔවුන් ඇමරිකාවට ගිය පසු ඔහු විශ්ව විද්‍යාලයට ගියේය. නමුත් ඉන් අස්වීමට ඔහුට සිදු විය. පසුව ඔහු හමුදාවට බැඳුණි. එය ඔහුගේ විශ්ව විද්‍යාල වියදම් පියවීමට උපකාර කළ අතර ඔහුට මුළු ලොව වටා යාමට අවස්ථාව ලැබුණි. ඒ සියල්ල තුළ ඔහුව විශේෂ භූමිකාවකට පුහුණු කරමින් දෙවියන්වහන්සේ ක්‍රියා කළ සේක. අද ඔහු ජාත්‍යන්තර පාඨකයන් හට කිතුණු පොත් පත් ලියයි. ඒවා සංස්කරණය කරයි.

ඔහුගේ භාර්යයාවටද එවැනිම අනර්ඝ කථාවක් තිබේ. ඇයට මීමැස්මොර රෝගය තිබුණි. එසේ හෙයින් දැඩි ඖෂධ ගැනීමට ඇයට සිදුවිය. ඒ හේතුව නිසා විශ්ව විද්‍යාලයේදී ඇය රසායනික විද්‍යා විභාගය අසමත් වූවාය. පසුව ඇය රසායන විද්‍යාව අත්හැර ඇමෙරිකානු හස්ත මුද්‍රාව ඉගෙනීමට පටන් ගත්තාය. එය දරාගත හැකි වැඩ ප්‍රමාණයක් විය. එම අත්දැකීම දෙස නැවත හැරී ඇය පවසන්නේ “දෙවියන්වහන්සේ මාගේ ජීවිතය වෙනත් අරමුණක් සඳහා හැරවුවා” යනුවෙනි. අද ඇය ජීවිත වෙනස් කරන දෙවියන්වහන්සේගේ වචනය කන් ඇසීම නැති අයට ලබා දෙන්නීය.

දෙවියන්වහන්සේ ඔබව ගෙන යන්නේ කොහේද කියා ඔබ කල්පනා කරනවාද? ගීතාවලිය 139:16 අපගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ සර්ව බලධාරී හස්තය ගැන විස්තර කරයි. “මාගේ නොසෑදුණු ශරීරය ඔබවහන්සේ දුටු සේක. එක් දවසක් හෝ එය පැවැත්මට පැමිණීමට පෙර මාගේ සියලු දවස් ඔබගේ පොතෙහි ලියන ලද්දෝය”. අපගේ ජීවිතයේ අවස්ථාවන් කෙසේ දෙවියන්වහන්සේ භාවිතා කරයිදැයි අපි නොදනිමු. නමුත් දෙවියන්වහන්සේ සෑම දෙයක්ම දන්නා බවත් අපගේ පියවර වලට මගපෙන්වන බවත් දැන ගෙන අපට සැනසිය හැකිය. උන්වහන්සේගේ සර්වබලධාරී හස්තය සැඟවී ඇතැයි පෙණුනත් උන්වහන්සේ සෑම විටම සිටින සේක.