අපගේ මිතුරියක් මැතකදී මිය ගියාය. ඇය ජීවිකාව සඳහා ගෙවල් විකිණුවාය. මාත් මාගේ භාර්යයාවත් පැට්සි ගැන කථා කරමින් සිටියෙමු. පැට්සි වසර ගණනාවකට පෙර යේසුස්වහන්සේ වෙත ගෙන ආ කෙනෙකු පසුව අපගේ හොඳ මිතුරෙකු වූ බව සූට මතක් විය.

කෙතරම් ධෛර්යයක්ද? පැට්සි අපගේ නගරයේ අයට නිවාස සොයා දුන්නා පමණක් නොව සදාකාලික ගෘහය සොයා ගැනීමටද ඒ අයට උපකාර කළාය.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් කුරුසියට යාමට සුදානම් වන විට අපගේ සදාකාලික ස්ථානය ගැන උන්වහන්සේ ඉතා දැඩි උනන්දුවක් ගත් සේක. උන්වහන්සේ තම ගෝලයින්ට කීවේ “නුඹලාට ස්ථානයක් පිළියල කිරීම පිණිස යමි” කියාය. එසේම උන්වහන්සේව විශ්වාස කරන අයට තම පියාණන්ගේ ගෘහයෙහි ඇති පමණ ඉඩ ඇති බව උන්වහන්සේ කී සේක (යොහන් 14:2).

මේ ලෝකයේ හොඳ නිවාසයක් ලැබීමට අපි ආශා වෙමු. ඒ අපගේ පවුලේ අයට ආහාර ගැනීමට, නිදා ගැනීමට සහ එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීමටය. නමුත් මතු ජීවිතයට ගොස් අප සදාකාලයට සිටීමට ස්ථානයක් දෙවියන්වහන්සේ පිළියල කර ඇති බව දැන ගැනීම කෙතරම් මනහර වනු ඇද්ද? “බහුල ලෙස” ජීවනය දුන් දෙවියන්වහන්සේට ස්තුති වේවා! (යොහන් 10:10). දැනට උන්වහන්සේගේ අභිමුඛයේ සහ පසුව අප වෙනුවෙන් සුදානම් කර ඇති ස්ථානයෙහි උන්වහන්සේ සමග සිටීමද එයට අඩංගු වන්නේය.

යේසුස්වහන්සේ විශ්වාස කරන අයට දෙවියන්වහන්සේ සුදානම් කර ඇති දේවල් ගැන සිතන විට පැට්සි මෙන් අන් අයට උන්වහන්සේව හඳුන්වා දීමට අපට අභියෝගයක් ලැබෙන්නේය.