තීන්ත ආලේප කරගෙන සිටීම මේ කාලයේ ඉතා ජනප්‍රිය බව දැන ගැනීමට වැඩි ආයාසයක් ගත යුතු නැත. සමහර අයගේ පච්චා ඉතා කුඩාය. කෙනෙකුට නොපෙනෙන තරම්ය. තවත් ඒවා : ක්‍රීඩකයන්, නළුවන් සහ සමාන්‍ය සෙනගගේ ශරීරවලින් වැඩි හරියක් වසා ගෙන ඇත. ඒවා වෛවර්ණ වචන සහ මෝස්තරවලින් ගහණය. පච්චා මෝස්තරය සැමදා පවතී යයි පෙනේ. 2014 දී ඉන් ලැබූ ආදායම ඩොලර් බිලියන 3 ක් විය. පච්චා ඉවත් කිරීමට අමතර ඩොලර් මිලියන 66ක් වියදම් වී ඇත.

මෙම පච්චා ගැන කෙසේ සිතුවත් යෙසායා 44 තම අත්වල යම් දෙයක් කොටා ගන්නා අය ගැන රූපක බසින් කථා කරන්නේය. “ස්වාමින්වහන්සේගේ” (5 පදය). මෙම මුළු ඡේදය කථා කරන්නේ උන්වහන්සේ තෝරා ගත් අයට ලැබෙන රැකවරණය ගැනය (1 පදය). ඔවුන්ට උන්වහන්සේගේ උපකාරය ගැන ස්ථිර විය හැකිය (2 පදය). ඔවුන්ගේ දේශය සහ පරම්පරා ආශිර්වාදය පිණිස සලකුණු කර තිබේ (3 පදය). සරල බලවත් වචනයක් වන “ස්වාමින්වහන්සේගේය” යන්න පෙන්නුම් කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ උරුමය බවත් උන්වහන්සේ ඔවුන් ගැන සළකන බවත් දැන සිටින බවය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ වෙතට එන අයට ස්ථිර ලෙස කිව හැක්කේ අප උන්වහන්සේගේ සෙනගය, උන්වහන්සේගේ බැටළුවන්ය, උන්වහන්සේගේ දරුවන්ය, උන්වහන්සේගේ උරුමයය, උන්වහන්සේගේ නිවසය, “ස්වාමින්වහන්සේගේය” කියාය. අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී අප අල්ලා ගන්නේ එම දේවල්ය. අපගේ පිටත යම් පච්චා හෝ සලකුණු නැති වුවද අපට ප්‍රීති විය හැක්කේ උන්වහන්සේට අප අයිති බවට අපගේ සිත්වල උන්වහන්සේගේ ආත්මය සාක්‍ෂි දෙන නිසාය (රෝම 8:16-17 බලන්න).