අලුත් වැඩියා කිරීමට පැමිණි කෙනා තරුණයෙකු බව පෙණුනි. පණ නොගැන්වෙන අපගේ කාරය අලුත්වැඩියා කිරීමට ඔහු තරුණ වැඩියි. “ඔහු තාම දරුවෙක්” ඩෑන් මට කෙඳිරුවේ සැකයෙනි. ඔහුගේ සැකය නාසරෙත්හි පුරවැසියෝ යේසුස්වහන්සේ කවුද කියා කෙඳිරුවාක් මෙනි.

යේසුස්වහන්සේ සිනගෝගයේ උගන්වද්දී “මේ වඩුවාගේ පුත්‍රයා නොවේද?” (මතෙව් 13:55) ඔවුහු ඇසුවෝය. ඔවුහු කෝපයෙන් යුතුව උන්වහන්සේ තමන් අඳුනන කෙනෙකු සුවකරමින් උගන්වනවා දැක පුදුම වී “මේ මනුෂ්‍යයාට මෙවැනි ප්‍රඥාවක් සහ බලයක් ලැබුණේ කොහෙන්ද?” (54 පදය) යයි ඇසූහ. යේසුස්වහන්සේ විශ්වාස කරනවා වෙනුවට උන්වහන්සේ පෙන්වූ අධිකාරිත්වය ගැන ඔවුහු උරණ වූහ (15, 58 පද).

එසේම අපටද උන්වහන්සේගේ ප්‍රඥාව සහ බලය ගැන සැක පහළ කළ හැකිය. විශේෂයෙන් අපගේ ජීවිතයේ හුරු පුරුදු කාරණාවලදීය. උන්වහන්සේගේ උපකාරය බලාපොරොත්තු නොවී අප උන්වහන්සේ අපගේ ජීවිතය පරිවර්තනය කිරීමේ මනහරත්වය මග හැර ගනු ඇත (58 පදය).

ඩෑන්ට අවශ්‍ය වූ උපකාරය ඔහුගේ ඉදිරියේම ඔහුට හමුවිය. අවසානයේදී ඔහු තරුණයාගේ උපකාරය පිළිගත්තේය. පරණ බැටරිය පරීක්‍ෂා කිරීමට ඔහුට ඉඩ දුන්නේය. එක් ඇණයක් එහෙට මෙහෙට කර ඔහු තත්පර ගණනකින් කාරය පණ ගැන්වීය. එන්ජිම ක්‍රියාත්මක විය. විදුලි බුබුළු දීප්තියෙන් බැබළිණ. “ඒක ආලෝකමත් වුනේ හරියට නත්තල වගේ” යයි ඩෑන් කීවේය.

එසේම මෙසියස්වහන්සේ ගෙන එන නැවුම් ආලෝකය සහ ජීවනයද උන්වහන්සේ සමග දෛනික ජීවිතයේදී අපට අවශ්‍ය උපකාරයද අපට ලබා ගත හැකිය.