හවුුල් සේවකයෙකු මට එළිදරව් කළේ ඔහු “යේසුස්වහන්සේගේ කාරණා” වලට නොගැලපෙන බවයි. ඔහු තම “පහසු ආත්මරාගික” ජීවිතය සහ ඔහු එයින් තෘප්තියක් නොලැබූ බව විස්තර කරන විට මම අසාගෙන සිටියෙමි. “නමුත් මගේ ප්‍රශ්නය මෙයයි. මම හොඳ කරන්න උත්සාහ කරනවා. නමුත් මම කරන්න ඕන දේවල් මට කරන්න බැහැ. නමුත් මම නතර කරන්න ඕනෑ දේවල් මම දිගටම කරනවා”.

“ඔයාගේ රහස කුමක්ද?” ඔහු අවංකව මාගෙන් විමසුවේය. “මගේ රහස මට රහසක් නැති එක” මම පිළිතුරු දුන්නෙමි. “මමත් ඔබ මෙන් දෙවියන්වහන්සේගේ ප්‍රමිතියට ජීවත් වන්න බලයක් නොමැතිව සිටිමි. අපට යේසුස්වහන්සේ අවශ්‍ය වන්නේ ඒ නිසයි”.

මම බයිබලය ගෙන රෝම 7:15 හි පාවුල් “ඔහුගේ” ප්‍රකාශයම කරන ආකාරය ඔහුට පෙන්වුයෙමි. පාවුල්ගේ වචනවල ඇති අසහනය දෙවියන්වහන්සේගේ ප්‍රමිතියට අනුව හොඳවීමට උත්සාහ දරණ ක්‍රිස්තියානි නොවන අය සහ ක්‍රිස්තියානි අයගේ අදහසට ගැළපේ. එසේනම් පාවුල් ප්‍රකාශ කරන ලෙස ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැළවීමේ කර්තෘ යන්නත් ඉන් ඇතිවන ප්‍රතිඵලත් ඔබව අතීශයින් ප්‍රීතිමත් කළ යුතුවේ (7:25-6:2). අප ව්‍යාකූල කළ දේවලින් යේසුස්වහන්සේ අපව දැනටම නිදහස් කර තිබේ.

අප සහ දෙවියන්වහන්සේ අතර ඇති බාධාව එනම් පාපය අපගේ කිසි පංගුකාරකමක් නැතුවම ඉවත් කර තිබේ. සියලු දෙනාගෙන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ ගැළවීම සහ අපගේ වර්ධන ක්‍රියාවලියේදී ශුද්ධාත්මයාණන් කරන වෙනස්කම්ය. උන්වහන්සේ අප ආත්මයේ දොරට තට්ටු කරන සේක. අද උන්වහන්සේගේ එම ඇමතුමට පිළිතුරු දෙන්න. උන්වහන්සේ පිළිතුර බව රහසක් නොවේ.