1936 දී ගීත රචක බිලී හිල් “ප්‍රේමයේ මහිමය” යයි නම් කළ ජනප්‍රිය ගීතයක් නිකුත් කළේය. වැඩි කලක් යන්නට පෙර ජාතියම ප්‍රේමයෙන් එකිනෙකාට කුඩා දේවල් කිරීම ගැන ගායනා කළෝය. වසර පනහකට පසු ගීත රචක පීටර් පෙට්රා එවැනිම වඩාත් ප්‍රේමාන්විතවූ ප්‍රේම ගීතයක් ලීවේය. ඔහුගේ ගීතයට අනුව දෙදෙනෙකු සදාකාලයටම එකට සිටිමින් ඔවුන් කළ සියල්ල ප්‍රේමයේ මහිමය වෙනුවෙන් කළ බව සිතා ගත්තෝය.

බයිබලයේ අවසන් පොත වන එළිදරව් පොත කවදා හෝ ස්වර්ගයේ සහ පොළොවේ සියලු දෙනාගේම හඬ ඔසවන අලුත් ගීතිකාවක් ගැන පවසන්නේය (එළිදරව් 5:9-13). සංගීතය ඇරඹෙන්නේ ශෝකාන්විතවය. අපගේ කථා නායකයා ලෝකයේ වැරදිවලට පිළිතුරක් නැති නිසා වැලපෙයි (3-4 පද). නමුත් සත්‍ය මහිමය සහ ප්‍රේමයේ කථාන්දරය යොහන් ඉගෙන ගන්නා විට සංගීතය උච්චත්වයකට එසවේ (12-13 පද). පසුව ඔහුට ඇසෙන්නේ මුළු මැවිල්ලම යූදාහි බලවත් සිංහ රජුන්ට ප්‍රශංසා කරන ආකාරයයි (5 පදය). උන්වහන්සේ අපගේ ගැළවීම උදෙසා ප්‍රේමයෙන් තම ජීවිතය යටත්වැසියන් හට දී ඔවුන්ගේ සිත් දිනා ගත් සේක (13 පදය).

ගායනා කළාවූ වඩාත් සිත් කාවදින පද මාලාව තුළ අප දකින්නේ ඉතා කුඩා දේවල් පවා ගීතයක තටුමත නැගී යන බවය. අප ගයන මහිමය අප දෙවියන්වහන්සේගේ සිත පරාවර්තනය කරයි. උන්වහන්සේ අපගේ ගීතිකාව අපට දුන් නිසා අපි උන්වහන්සේට ගායනා කරමු.