පවුල්  නිවාඩුව සැමරීමේ කාලය පැමිණ ඇත. නමුත් අපගෙන් සමහරු සෑම දෙයක්ම සොයා බලා ප්‍රශ්න අසන නෑයින් හමුවීමට බිය වූහ. ඇයි තාම විවාහ වෙලා නැත්තේ? ඇයි දරුවෝ නැත්තේ? යන ඔවුන්ගේ ප්‍රශ්න අප යම් වරදක් කර ඇතැයි යන භයක් අපට ගෙන දෙන්නේය.

එලිසබෙත්ගේ තත්ත්වය කල්පනා කර බලන්න. බොහෝ වසර ගණනාවක් ඇය විවාහ වී සිටියද දරුවන් නැතිව සිටියාය. ඇයගේ සංස්කෘතියේ එය දෙවියන්වහන්සේගේ ශාපයක් බවට කල්පනා කෙරුණි (1 සාමුවෙල් 1:5-6 බලන්න). එය ලැජ්ජාවක් ලෙසද ගණන් ගත හැකිව තිබුණි. එලිසබෙත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළත් (ලූක් 1:6) ඇයගේ නෑයින් සහ අසල්වාසීන් වෙනස් දෙයක් සැක කරන්න ඇති.

එසේ වුවත් ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයාත් දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සේවය කළෝය. ඔවුන් වයසින් මුහුකුරා ගිය පසු හාස්කම සිදුවිය. දෙවියන්වහන්සේ ඇයගේ යාච්ඤාවට කන් දුන් සේක (13පදය). උන්වහන්සේ අපට පිහිට වන්නට කැමති වන සේක (25 පදය). ප්‍රමාදයයි සිතුණද උන්වහන්සේගේ වෙලාව හරියට හරිය. උන්වහන්සේගේ ප්‍රඥාව සම්පූර්ණය. එලිසබෙත්ට සහ ඇයගේ ස්වාමිපුරුෂයාට දෙවියන්වහන්සේ විශේෂ ත්‍යාගයක් තබා තිබුණි. ඒ මෙසියස්වහන්සේගේ පෙර ගමන්කරු වන දරුවෙක්ය (යෙසායා 40:3-5).

ඔබට යමක් අඩු යයි ඔබ සිතන නිසා ඔබ ප්‍රමාණවත් නැතැයි ඔබට සිතෙනවාද? විශ්ව විද්‍යාල උපාධියක්, සැමියෙක් හෝ බිරිදක්, දරුවෙක්, රැකියාවක්, නිවසක්? උන්වහන්සේ වෙනුවෙන් විශ්වාසවන්තව ජීවත්වන්න. උන්වහන්සේ සහ උන්වහන්සේගේ සැලසුම වෙනුවෙන් ජීවත්වන්න. ඒ එළිසබෙත් කළ ලෙසය. අපගේ වටාපිටාව කුමක් වුවද දෙවියන්වහන්සේ අප තුළින්ද අප තුළද ක්‍රියා කරන සේක. උන්වහන්සේ ඔබගේ හදවත දන්නා සේක. උන්වහන්සේ ඔබගේ යාච්ඤාවලට උත්තර දෙන සේක.