සෑම නත්තලකදීම මාගේ මිතුරෙකු තම භාර්යාවට දීර්ඝ ලිපියක් ලියයි. එම වසරේ සියල්ල පුනරීක්‍ෂණය කර අනාගතය ගැන ඔහු සිහින දකී. සැමවිට තමාගේ භාර්යාවට කොතරම් ප්‍රේම කරනවාදැයි ඔහු පවසයි. ඊට හේතුවද ඔහු කියයි. එසේම ඔහු තම දුවරුන් එකිනෙකාටද ලිපි ලියයි. ඔහුගේ ප්‍රේමයේ වචන අමතක නොවන නත්තල් තෑග්ගක් වේ.

මුල් නත්තල් ලිපිය මාංශවත්වූ වචනය වන යේසුස්වහන්සේ බව අපට කිව හැකිය. යොහන් මෙම සත්‍යය තම ශුභාරංචියෙහි උච්චත්වයකට ගෙන ආවේය. “පටන්ගැන්මේදී වාක්‍යාණෝ සිටිසේක. වාක්‍යාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටි සේක” (යොහන් 1:1). පුරාණ දර්ශනවාදයෙහි “ලොගොස්” යන ග්‍රීක් වචනය අර්ථවත් කලේ දිව්‍ය මනසක් නැත්නම් යථාර්ථය එක්සත් කරන පිළිවෙලකි. නමුත් යොහන් එම වචනය පුද්ගලයෙකු : යේසුස්වහන්සේ පෙන්නුම් කිරීමට භාවිතා කරයි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ “පටන් ගැන්මේ” සිට දෙවියන්වහන්සේ සමග සිටි සේක (2 පදය). මෙම වචනය මාංශවත්වී පියාණන්ගේ “ඒකජාතක පුත්‍රයාණන්” අප සමග වාසය කළ සේක (14 පදය). වචනය නැමැති යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තමන්වහන්සේව සම්පූර්ණ ලෙස අපට එළිදරව් කළ සේක.

සියවස් ගණනාවක් දේවධර්මාචාරීන් මෙම අලංකාර අභිරහස ගැන අරගල කළෝය. අපට එය තේරුම් නොගියද අපට දැන ගත හැක්කේ යේසුස්වහන්සේ වචනය ලෙස අපගේ අඳුරු ලෝකයට (9 පදය) ආලෝකය දෙන බවය. අප උන්වහන්සේ විශ්වාස කරයි නම් දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වීමේ ත්‍යාගය අපට අත්දැකිය හැකිය (12 පදය).

යේසුස්වහන්සේ අප ලැබූ දෙවියන්වහන්සේගේ ආදර හසුනයි. උන්වහන්සේ පැමිණ අප සමග උන්වහන්සේගේ නිවස ගොඩ නගා තිබේ. දැන් එය විශ්මිත නත්තල් තෑග්ගත් නොවේද?