අපේ නිවස ඉහළ අහසේ යුධ ජෙට් යානා තුනක් හඬ නගමින් පියාසර කරති. ඒවා කෙතරම් ළඟින් යන්නේද කිවහොත් අපට පෙනෙන්නේ එක් යානයක් ලෙසිනි. “ෂහ්!” මම මගේ ස්වාමිපුරුෂයාට කීවෙමි. “නියමයි” ඔහු එකඟ විය. අප සිටින්නේ ගුවන් හමුදා මූලස්ථානය අසලය. ඒ හෙයින් එවැනි දේවල් මෙහි දුලබ නොවේ.

මේ ජෙට් යානා පියාසර කරන සෑම මොහොතකම මට එකම ප්‍රශ්නයක් මතක් වේ. “මේවා මෙතරම් ළඟින් ගමන් කරයි. නමුත් පාලනයෙන් තොරව යන්නේ නැත”. මම ඉගෙන ගත්තේ එයට එකම හේතුව නම් යටහත්කමය. එනම් නායක ගුවන් නියමුවා හරියාකාර වේගයෙන් සහ නියම ගමන් පථයේ ගමන් කරන බව විශ්වාස කිරීමයි. අනිකුත් ගුවන් නියමුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට හෝ නායකායගේ ක්‍රියාවන් ප්‍රශ්න කිරීමට හෝ ඇති කැමැත්ත වළක්වා ගැනීමයි. ඒ වෙනුවට ඔවුන් එකතු වී එක් හැඩයකට සමීපව ගමන් කරති. ප්‍රතිඵලය? වඩාත් බලවත් කණ්ඩායමකි.

යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකුටද වෙනසක් නැත. ” යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.” (ලූක් 9:23).

උන්වහන්සේගේ මාර්ගය තමාව ප්‍රතික්‍ෂේප කර ගැනීමේ සහ දුක් විඳිමේ මාර්ගයක් විය. එය අනුගමණය අසීරු විය හැකිය. නමුත් කාර්යක්‍ෂම ගෝලයන් වන්න නම් අපටද ආරාධනා ලැබෙන්නේ ආත්මාර්ථකාමී ආශා පසුපසට දමා දෛනික ආත්මික බර රැගෙන අපට සේවය කරගන්නවා වෙනුවට අන් අයට සේවය කිරීමය. ඒ අපි උන්වහන්සේව සමීපව අනුගමණය කරන විටය.

උන්වහන්සේ සමග මේ සමීප යටත්කමේ ගමන අන්ර්ඝ දර්ශනයකි. උන්වහන්සේ සමග එලෙස එකට සිටින බැවින් අප ක්‍රිස්තුස්වහන්සේ සමග එක් කෙනෙකු බව පෙනෙනු ඇත. එවිට අන් අයට අපව පෙනෙනේනේ නැත. ඔවුන් උන්වහන්සේව දකිනවා ඇත. එය පෙනෙන ආකාරය ගැන සරළ වචනයක් වන්නේ “ෂහ්!” යන්නය.