මා මෙය ලියන විට මා කැමතිම පාපන්දු කණ්ඩායම එක දිගට තරඟ අටක්ම පරාජය වී අවසානය. එක් එක් පරාජය මේ වසරේ ඔවුන්ගේ දිනීමේ අවස්ථාව අසීරු කරන්නේය. පුහුණුකරු සතිපතා වෙනස්කම් කර ඇත. නමුත් එම වෙනස්කම් ජයග්‍රහණ අත්කර දී නැත. මාගේ හවුල් සේවකයන් සමග සාකච්ඡා කරද්දී වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවූ පලියට එය නොලැබේ යයි මම විහිළුවට කීයමි. බලාපොරොත්තුව උපක්‍රමයක් නොවේ යයි මම පවසමි.

පාපන්දු ගැන එය සත්‍යයකි. නමුත් අපගේ ආත්මික ජීවිතවල එය විරුද්ධ පැත්තය. දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුව වර්ධනය කර ගැනීම උපක්‍රමයකි. නමුත් ඇදහිල්ලෙන් සහ විශ්වාසයෙන් උන්වහන්සේ කෙරෙහි එල්ලී සිටීම එකම උපක්‍රමය වන්නේය. මේ ලෝකය බොහෝ විට අපගේ බලාපොරොත්තු කඩා දමයි. නමුත් හැප්පෙන පෙරළෙන අවස්ථාවලදී දේව වචනය සහ බලය අල්ලා ගෙන සිටීමට බලාපොරොත්තුව නැංගුරමක් වන්නේය.

මීකා මෙම යතාර්ථය තේරුම් ගත්තේය. ඉශ‍්‍රායෙලය දෙවියන්වහන්සේගෙන් ඈත්වී සිටි ආකාරය ඔහුගේ සිත බින්දේය. “අනේ, මාගේ දුකේ හැටි!…. භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත” (7:1-2). නමුත් ඉන්පසු ඔහු සත්‍ය බලාපොරොත්තුව වෙත ඔහුගේ අවධානය නැවත යොමු කරන්නේය. “මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත” (7 පදය).

දුෂ්කර අවස්ථාවලදී බලාපොරොත්තුව තබා ගැනිමට අවශ්‍ය වන්නේ කුමක්ද? මීකා අපට පෙන්වන්නේ : බලා සිටිම, ඉවසීම, යාච්ඤාව සහ මතක් කර ගැනීමය. අපගේ කරදර දරා ගැනීමට නොහැකි විටද දෙවියන්වහන්සේ අපගේ මොර ගැසීමට ඇහුම්කන් දෙන සේක. එවැනි මොහොතවල් වලදී දෙවියන්වහන්සේ තුළ අපගේ බලාපොරොත්තුව මත එල්ලී ප්‍රතිචාර දැක්වීම අපගේ උපක්‍රමය වන්නේය. ජීවිතයේ කුණාටු ජය ගැනීමට එය උපකාරී වේ.