“තෑගි දහසක්” නැමැති වොස්කෑමිප්ගේ පොතහෙි ඇය පාඨකයන් උනන්දු කරන්නේ ස්වාමින්වහන්සේ ඔවුන්ට කර ඇති දේවල් දිනපතා සොයා ලබන ලෙසය. එම පොතෙහි දෙවියන්වහන්සේගේ පූර්ණ බහුලත්වයෙන් ඇයගේ ජීවිතයේ කර ඇති කුඩා සහ විශාල දේවල් ඇය සඳහන් කරයි. පිඟන් සෝදන විට නැගෙන වෛවර්ණ ජල බුබුළුවල අලංකාරයේ සිට ඇය වැනි (අප වැනි) පව්කාරයන් ගැළවීම දක්වා දේවලට ඇය ස්තුති කරන්නීය. ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවල පවා දෙවියන්වහන්සේ දැකීමේ කෘතඥතාවයට ප්‍රධාන යතුර එය බව ඈන් පවසන්නීය.

යෝබ් එවැනි කරදරකාරී අවස්ථාවලට ඉතා ප්‍රසිද්ධ කථාවකි. ඔහුගේ පාඩු ගැඹුරුය. බොහෝය. ඔහුගේ සියලු සතුන් විනාශ වූ පසු ඔහුගේ දරුවන් දහදෙනාගේ එකවර මරණය ඔහුට අසන්නට ලැබේ. ඔහුගේ දුක ඔහුගේ ප්‍රතිචාරයෙන් පෙනේ. “තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරත්තේය” (1:20). ඒ වේදනාත්මක වේලාවේ ඔහුගේ වචන මට පෙන්වන්නේ ඔහු කෘතඥතාවය ක්‍රියාත්මක කරන ආකාරය දැන සිටි බවය. නැතිවුනු සියල්ල දෙවියන්වහන්සේ දුන් ඒවා බව ඔහු පිළිගනි (21 පදය). එසේ නැත්නම් එවැනි අවස්ථාවක ඔහු නමස්කාර කරන්නේ කෙසේද?

අලාභ වූ අවස්ථාවල අපට දැනෙන දුකෙහි බලවත්කම නැති කිරීමට දිනපතා තෘතඥතාවයට නොහැකිය. යෝබ් පොතෙහි අනිත් කොටස විස්තර කරන ලෙස යෝබ් තම දුක ගැන ප්‍රශ්න නගමින් අරගල කළේය. නමුත් ඉතා කුඩා දේවලදී පවා දෙවියන්වහන්සේගේ යහපත තේරුම් ගත් විට අපගේ භෞමික ජීවිතයේ අඳුරුම අවස්ථාවල පවා සියලු බලැති දෙවියන්වහන්සේ ඉදිරියෙහි දණ නැමීමට අප සුදානම් කෙරෙනු ඇත.