ලන්ඩනයේ බයිබල් විදුහලේ ඔස්වර්ල්ඞ් චේම්බර්ස් සිටි කාලයේ (1911-15) ඔහු දේශනා වල කී දේවලින් ඔහුගේ සිසුන් විශ්මපත් විය. එක් තරුණියක් විස්තර කළේ සාකච්ඡාවන් ආහාර වේලාවට සීමාවී තිබූ නිසා චේම්බර්ස්ට ප්‍රශ්න පිට ප්‍රශ්න ලැබුණි. ඇය මතක් කලේ චේම්බර්ස් බොහෝ විට සිනහ සී “දැනට ඕක තියන්න. ඒක පස්සේ ඔයාට තේරෙයි” කියා කියන බවය. ඔහු ඔවුන්ව දිරිමත් කළේ එම කාරණා ගැන මෙනෙහි කර දෙවියන්වහන්සේගේ සත්‍යය එළිදරව් කිරීමට උන්වහන්සේට ඉඩ දෙන ලෙසය.

මෙනෙහි කිරීම යනු යමක් ගැන අවධානය යොමු කර ගැඹුරින් සිතීමය. බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේගේ උත්පත්තියෙන් පසු දේවදුතයන් ප්‍රකාශවී එඬේරුන් මෙසියස් වහන්සේ බැලීමට පැමිණී විට “මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය” (ලූක් 2:19). අලුත් ගිවිසුම් විශේෂඥ ඩබ්. ඊ. වයින් කියන්නේ මෙනෙහි කිරීම යනු සියලු දෙය එකට දමා සාකච්ඡා කර එකක් සමග එකක් සම්බන්ධකර යම් අවස්ථාවක් ගැන සිතීමය. (අලුත් ගිවිසුම් වචනවල විග්‍රහත්මක ශබ්ද කෝෂය).

අපගේ ජිවිතවල වන දෙය තේරුම් ගැනීමට අපට අරගල කිරීමට සිදුවන විට දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ ප්‍රඥාව සෙවීමට මරියා අපට මනහර ආදර්ශයක් වන්නේය.

ඇයට මෙන් අපටද අප ජීවිතයේ උන්වහන්සේගේ මග පෙන්වීම පිළිගැනිමටද උන්වහන්සේගේ ප්‍රේමණීය මග පෙන්වීමේ අලුත් දේවල් අගයමින් මෙනෙහි කිරීමටද අපට පුළුවන.